Kiyanna Kiyanna Song Lyrics - කියන්න කියන්න ගීතයේ පද පෙළ

Kiyanna Kiyanna Song Lyrics - කියන්න කියන්න ගීතයේ පද පෙළ
Song Title : Kiyanna Kiyanna (කියන්න කියන්න)
ගායනය : නදීක ජයවර්ධන
සංගීතය : රංග දසනායක


කියන්න කියන්න
හද රැඳි දේ මා සමගේ
කියන්න කියන්න
ඇති සැම දේ රිසි සේ

හද පුරා ආදරේ
ඔබටයි ඉඩ හදවතේ
දිස්වෙයි මුතුවන් සිනා
දෙනුවන් යුග ළඟ මගේ
මන්මත් සිත පුරා
කැළඹෙයි වේදනා හැඟුම්
නොදැනී ඒ ඇසිල්ලේ
කියවෙයි ඔබෙ නම හොරෙන්

කියන්න කියන්න
හද රැඳි දේ මා සමගේ

නිදිවරා ජීවිතේ
මා ගෙතූ ගීතයේ
දැවටෙයි ඔබ කී වදන්
දෙසවන් යුග ළඟ මගේ
සුදුවන් පිටු පුරා
බිහිවෙයි ගී ඔබේ නමින්
නොසිතා ඒ පිටු කොනේ
ලියැවෙයී ඔබෙ නම හොරෙන්

කියන්න කියන්න
හද රැඳි දේ මා සමගේ
කියන්න කියන්න
ඇති සැම දේ රිසි සේ //

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇

0 comments:

Post a Comment