Kale Pipena Mal Song Lyrics - කැලේ පිපෙන මල් ගීතයේ පද පෙළ

Kale Pipena Mal Song Lyrics - කැලේ පිපෙන මල්  ගීතයේ පද පෙළ

Kale Pipena Mal Song Lyrics - කැලේ පිපෙන මල්  ගීතයේ පද පෙළ
Song Title : Kale Pipena Mal (කැලේ පිපෙන මල්)
ගායනය : ලක්ෂ්මන් විජේසේකර සහ නන්දා මාලිනී
පද රචනය : සෝමරත්න දිසානායක
"සුවඳ කැකුළු" ටෙලි නාට්‍යයෙනි.


කැලේ පිපෙන මල්
අපේ මිදුලෙ පිපෙන මල්
විලේ පිපෙන මල්
ලස්සණ සුවඳ කැකුළු මල්

කොහෙ පිපුනත් එක සුවඳයි
කොහෙ පිපුනත් එක වරුණයි ..//

එක කුලයකි එක පවුලකි
මිහිකත පිපි මල්

වන අරණේ කටු අකුලේ පිපෙන සුවඳ මල්
මහ නග‍රේ කලඑළියේ පිපෙන සුවඳ මල්
හැඩ එකසේ රුව එකසේ පිපෙන සුවඳ මල්
මිහිමඬලේ කොහි පිපුනත් එක පවුලකි මල්

එක අහසකි එක පොළවකි මලට තියෙන්නේ
වන අරණෙක ගම නගරෙක වෙනස නොදන්නේ
එක ඉරකිනි එක සඳකිනි එළිය ලබන්නේ
නෙක පැහැ ඇති සුවඳ කැකුළු ළමයින් වැන්නේ /////

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇

0 comments:

Post a Comment