Hodi Song Lyrics - හොදි ගීතයේ පද පෙළ

Hodi Song Lyrics - හොදි ගීතයේ පද පෙළ
Song Title : Hodi (හොදි)
Singing : Gypsies with Sunil Perera


හා… හා… පිරිමි අපට සිද්ධවෙන්නේ මේකම නේද
මොකද්ද…?
හංගාගෙන ඉන්නේ ඇයිද ඇත්ත කියන්න
ගෙදර දොරේ වැඩ කරන්නේ නෝනා වුණාට
එහෙම නැතුව
පොල් ගාන්න සිද්ධවෙන්නේ පිරිමි අපිටම නේද
කියන බොරු…
මට හොදි නැත්නම් කෑම කන්න බැරි හින්දා
පණ යනකම් වැඩ ගන්නවා මගේ උන්දා
පණ යනකම් වැඩ ගන්නවා මගේ උන්දා
මට හොදි නැත්නම් කෑම කන්න බැරි හින්දා

පෝළිමේ ඉඳලා පිති පිතියේ හිර වෙලා
හත වැදිලයි ගෙදර එන්නේ වැඩට ගිහිල්ලා
හොදි ඕනෙම හින්දා පොල් ගෙඩි කටිනුත් එල්ලා…

පිරිමි අපට සිද්ධවෙන්නේ මේකම නේද
හංගාගෙන ඉන්නේ ඇයිද ඇත්ත කියන්න
ගෙදර දොරේ වැඩ කරන්නේ නෝනා වුණාට
ඇත්ත තමයි…
පොල් ගාන්න සිද්ධවෙන්නේ පිරිමි අපිටම නේද…
මට හොදි නැත්නම් කෑම කන්න බැරි හින්දා
පණ යනකම් වැඩ ගන්නවා මගේ උන්දා
පණ යනකම් වැඩ ගන්නවා මගේ උන්දා
මට හොදි නැත්නම් කෑම කන්න බැරි හින්දා…

හරි හැටි බිඳලා දුන්නත් ගාන්න කියලා
පොල් ගාන්න සිද්ධවෙන්නේ අපිටනේ හැමදා
හොදි ඕනෙම හින්දා මේක මහ වදයක් වෙනවා…

හයියෝ…
පිරිමි අපට සිද්ධවෙන්නේ මේකම නේද
හංගාගෙන ඉන්නේ ඇයිද ඇත්ත කියන්න
ගෙදර දොරේ වැඩ කරන්නේ නෝනා වුණාට
ඇත්ත තමයි…
පොල් ගාන්න සිද්ධවෙන්නේ පිරිමි අපිටම නේද…
මට හොදි නැත්නම් කෑම කන්න බැරි හින්දා
පණ යනකම් වැඩ ගන්නවා මගේ උන්දා
පණ යනකම් වැඩ ගන්නවා මගේ උන්දා
මට හොදි නැත්නම් කෑම කන්න බැරි හින්දා…

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇

0 comments:

Post a Comment