Hiru Genawilla Song Lyrics - හිරු ගෙනවිල්ලා ගීතයේ පද පෙළ

Hiru Genawilla Song Lyrics - හිරු ගෙනවිල්ලා ගීතයේ පද පෙළ
Song Title : Hiru Genawilla (හිරු ගෙනවිල්ලා)
ගායනය : ශ්‍රීමතී තිලකරත්න
සංගීතය : වික්ටර් රත්නායක
ගී පද : ප්‍රේමකීර්ති ද අල්විස්


හිරු ගෙනවිල්ලා පුතු ළඟ තනියට තියලා
උදේ රැයින් පිට වීලා හවසට එන්නම් //

උසට උසේ විහිදී ඇති වතුකරයේ තේ නිල්ලේ
බට කූඩය පිට බැඳගෙන නිය රඳවා තේ දල්ලේ
මිහිදුම් සළු පීරාගෙන ‍සේවය කර කඳුලැල්ලේ
අතට ලැබෙන දෙයින් ගෙනෙමි පුතාට කිරි රස ලොල්ලේ
පුතාට කිරි රස ලොල්ලේ

හිරු ගෙනවිල්ලා පුතු ළඟ තනියට තියලා
උදේ රැයින් පිට වීලා හවසට එන්නම් //

පුතේ නුඹේ ලොකු අම්මා අතේ වළල්ලක් දැම්මා
කුසේ දැණෙන ගිණි නිම්මා නිවා දමයි නුඹෙ අම්මා
පියා නොමැති මගෙ පුතුගේ කුස ගින්දර නිවාලන්න
හැම දෙවියෝ පිහිට වේවි හැන්දෑවට ගෙදර යන්න
හැන්දෑවට ගෙදර යන්න

හිරු ගෙනවිල්ලා පුතු ළඟ තනියට තියලා
උදේ රැයින් පිට වීලා හවසට එන්නම් //

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇

0 comments:

Post a Comment