Amarasa Pem Song Lyrics - අමරස පෙම් ගීතයේ පද පෙළ

Amarasa Pem Song Lyrics - අමරස පෙම් ගීතයේ පද පෙළ
Song Title : Amarasa Pem (අමරස පෙම්)
ගායනය : ශ්‍රීමතී තිලකරත්න
සංගීතය : වික්ටර් රත්නායක
ගී පද : ප්‍රේමකීර්ති ද අල්විස්


අමරස පෙම් රසයෙන් කැළතෙම්
ඔබ නැතිනං මිහිපිට නැත මං
ඔබ නැතිනං මිහිපිට නැත මං
අමරස පෙම් රසයෙන් කැළතෙම්//

සඳ වතුරෙන් සඳ සිසිල ගෙනා
ඔබ දැකුමෙන් සිත උමතු වුණා//
මා ජීවත් වන බව මට දැණුනේ
ඔබ හද සැලෙනා රාවෙන්
ඔබ හද සැලෙනා රාවෙන්

අමරස පෙම් රසයෙන් කැළතෙම්
ඔබ නැතිනං මිහිපිට නැත මං
ඔබ නැතිනං මිහිපිට නැත මං
අමරස පෙම් රසයෙන් කැළතෙම්

සුපිපුණු මල් නටුවෙන් ගිලිහී
මඳ සුළඟින් ඔබ වෙත පැමිණී//
ඔබ පා මත වැතිරී පර වෙන්නට
මට ඉඩ දෙනු මැන මතුදා
මට ඉඩ දෙනු මැන මතුදා

අමරස පෙම් රසයෙන් කැළතෙම්
ඔබ නැතිනං මිහිපිට නැත මං
ඔබ නැතිනං මිහිපිට නැත මං
අමරස පෙම් රසයෙන් කැළතෙම්//

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇

0 comments:

Post a Comment