Heenath Unusum Song Lyrics - හීනත් උණුසුම් ගීතයේ පද පෙළ

Heenath Unusum Song Lyrics - හීනත් උණුසුම් ගීතයේ පද පෙළ
Song Title :  (හීනත් උණුසුම්)
Mastered by Jude Perera 
Beat :  Bola
Additional Parts and Produced by MasterD
Lyrics :  Bola


කලු රෝස මලක් සුදු කෝල අතින් ගෙන පාලුවේ වැට ලග
ගිජු ලිහිණි නෙතින් මගේ පපුවේ වම ඩැහැගෙන හනි හනිකෙට
රෑ සදවට කවිකම් ගොතමින් තනිකම ඇතිරූ යහනට
නුබ ආ වග මතකයි හීනත් උණුසුම් දකිද්දී ඉස්සර...

මට තොදුල් වෙවී හිස පිරිත් මදී උකුලතත් රතී
තොල් මුවත් සිබී ඇස් යටින් එබී පපුගැබත් කිතී
මුව වචන නැතී සුසුමන් දිගැසී උඩු සුලං වැනී
මධුවිත පැරදී රන් තිසරු පිරී සිහිනයක් මෙනී....

මත්වෙන තාලෙන් තාලෙට කංකලු කංකලු  කතා ගොතන් මම
රත්වෙන පපුවත පපුවත පිච්චෙන කෙසගෙහි ඇගිලි පොවන් රද
ප්‍රේමෙට ඇලපිලි ඉස්පිලි එක්කරමින් තව තව හරි හරියට
ඉස්සර බැදි පෙම් විස්තර හන්තානෙන් විසිකරා මහවැලියට....

කෝ 
දැන් හිනාවෙන්න, මට මලක් වෙන්න 
කෝ සඳ බලාගන්න වෙනවා අපට වෙන්ව යන්න
තරු එපා විරිත්තන්න, ආයෙත් එපා එන්න
කලුවර පරද්දන්න ආ මගේ ආදරේ....

කෝ 
දැන් තුරුල් වෙන්න සීලෙන් රාගය ගන්න
ප්‍රේමෙන් ආමෙන් හුස්මක් සද්දෙට දෙන්න
කෝ එපා කල් අරින්න තව තුරුල් වෙන්න
අපි අපේ වෙන්න ඕන මගේ ආදරේ....

කෝ 
අද කතා පොජ්ජ මැරුණද හිනාපොජ්ජ
ආදරේ යාන්තමින්ද නැත්නම් තෙහෙට්ටුවෙන්ද 
මාසේ පෝයවත්ද ආයෙත් අමාවකක්ද  
යන්නට ලෑස්තියෙන්ද  කෝ කෝ කෝ

පාලුව හිරිකඩ එක්කල යාලුව හිරිපොද කඳුලු ගලද්දී
කවුලුව වසා පියා ඇය සඳලුතලෙන් බැස අහසට යද්දී
හාදුව දුන්නු නියා සිහිනෙන් විකසිත වී මැවී මියෙද්දී
උන්නද හුස්මක එල්ලී මා හිත දූවිලි නෑ එලිපෙත්තේ 

බැදෙන්න බැදෙන්න අතහැරෙනා වග ලෝකයේ පදනම
රිදෙන්න රිදෙන්න උනුවෙන හිත් ගල් වෙනවා දවසක
විදින්න විදින්න වේදනාව හිතේ මතුවෙන නිතරම
කියන්න කියන්න අයන්න ආයනු පල නැත  හිතවත...

වේදනාව ඇතුලත හංගන් 
හිනාව පිට පොත්තේ කර සිත්තම්
මිලාන වූ බෝ හිත් එකතුව 
ප්‍රේමෙන් පිරෙව්වා පොලොවේ  වත්කම්
විරහව කර රහක්ව සන්තම්
පදම් වුනා මං කඳුලෙන් බස්තම්
මනාව වැටහෙමි මුලාව දැන්
වෙලාව එනතුරු සිකුරත් ෆක් බන්...

දිය මතු පිට ලිස්සන්නෑ, දිය පත්ලේ දිය සෙවලක ඇවිදිනු බෑ
ඇස් මානෙට අසුවෙනු බෑ, හිත් ඇතුලේ සිතුවිලි රූපෙට කැප නෑ
වෛරයකට නවතනු බෑ, වේදනාව කාමෙන් උන්මත්තක රෑ
ආයේ ආයේ වැටෙන්නෙ නෑ, අස්ථිර මේ ලෝකයේ ගිවිසුම් බෑ...

හීන හීන හීන හීන මවා ගත්ත ලෝක අස්සෙ ඉදන් ලියපු ජාතියක් ද හින
හීන හීන හීන හීන දරා ගන්න ඕන වේදනාව පිරුණු ජාතියක් ද හීන
හීන හීන හීන හීන හිනාවෙන්නෙ කෝම කියාදෙන්න මැවුනු ජාතියක් ද හීන
හීන හීන හීන හීන හීන හීන හීන ද හීන

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇

0 comments:

Post a Comment