චොක්ලට් බිස්කට් මිල්ක් ෂේක් හදමු (Chocolate Biscuit Milkshake)

චොක්ලට් බිස්කට් මිල්ක් ෂේක් හදමු (Chocolate Biscuit Milkshake) - Your Choice Way
අද මම හැදුවා රසම රස බීම එකක් හවසට බොන්න . චොක්ලට් බිස්කට් මිල්ක් ෂේක්. අමු ද්‍රව්‍ය තුනයි . හරිම ලෙහෙසියි හදන්න . හැබැයි මම  වෙලාසන හැදුවා  කූල් වෙන්න ඕන නිසා . මෙහෙමයි හැදුවේ .

✅ අවශ්‍ය ද්‍රව්‍ය :

  • චොක්ලට් බිස්කට් 100 පැකට් 2
  • ෆ්‍රෙශ් මිල්ක්    450ml
  • අයිස් ක්‍රීම්  කප්  2  
සරසන්න ගානිශ් කරන්න  හැදුවා  චොක්ලට් සිරප් එකක්.ඒකට ඕන
  • කොකෝ පවුඩර් කප් 1/4 25g
  • සීනි   කප්  1/2     100g
  • වතුර   කප්  1/2
  • වැනිලා තේ හැදි 1 /2
  • ලුනු ටිකක්   (පින්ච් එකක්)

✅ සාදා ගන්නා ආකාරය :

  1. භාජනයකට කොකෝ පවුඩර් , ලුනු , සීනි දමා හොඳින් මිශ්‍ර කරන්න . පසුව එයට වතුර ටික ටික දමමින් කලවම් කරන්න . 
  2. දැන් මෙම භාජනය මද ගින්දරේ ලිප මත තබා විනාඩි 7 පමණ කලවම් කරමින් යාන්තමට ඝන වනතුරු හැදි ගාන්න . බුබුළු දමනවිට ලිපෙන් ඉවත් කර වැනිලා එකතු කර හොඳින් මිශ්‍ර කර නිවෙන්න තබන්න . 
  3. තරමක උස වීදුරු 2ක් හෝ තරමක වීදුරු 3 ක් ගෙන පයිපින් බැග් එකකට සිරප් එක දමා වීදුරු ගානිශ් කරන්න .  ඉතිරි වු ටික කුඩා බෝතලයකට දමා පසුවට ගන්න තියන්න .
  4. චොක්ලට් බිස්කට් වලින් 3ක් පැත්තකින් තබා ඉතිරි බිස්කට් ටික භාජනයකට දමා කුඩා කෑබලි වලට කඩා බ්ලෙන්ඩර් එකට දමන්න . (පහල පින්තූරයේ පෙන්වා ඇති පරිදි )
  5. පසුව කිරි ටික සහ අයිස් ක්‍රීම් බ්ලෙන්ඩර් එකට දමා විනාඩි 2 පමණ නොනවත්වා බ්ලෙන්ඩ් කරන්න .  ක්‍රීම් වනතුරු . 
  6. පසුව මෙලෙස සාදා ගත් මිශ්‍රණය වීදුරු වලට දමන්න . 
  7. දැන් පැත්තකින් තිබු බිස්කට් 3 කුඩා කෑබලි වලට කඩා උඩින් දමා සරසා ගන්න .,  සාදා ගත් චොක්ලට් සිරප් එකෙනුත් උඩ සරසා ගන්න . 

හරිම රසයි . හදලා බලන්න කෝ.Dhammika Panangala ධම්මිකා පනංගල
චොක්ලට් බිස්කට් මිල්ක් ෂේක් හදමු (Chocolate Biscuit Milkshake) - Your Choice Way

චොක්ලට් බිස්කට් මිල්ක් ෂේක් හදමු (Chocolate Biscuit Milkshake) - Your Choice Way

චොක්ලට් බිස්කට් මිල්ක් ෂේක් හදමු (Chocolate Biscuit Milkshake) - Your Choice Way
 👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇


333

0 comments:

Post a Comment