අතීත කතා රැසක් සැගවුණු - බෝගොඩ රජමහා විහාරය ☸️🙏❤️ (Bogoda Raja Maha Viharaya)

අතීත කතා රැසක් සැගවුණු - බෝගොඩ රජමහා විහාරය ☸️🙏❤️ (Bogoda Raja Maha Viharaya) - Your Choice Way

අද අපි කතා කරන්න යන්නේ ඈත ඉතිහාසයකට උරුමකම් කියන අතීත රහස් ගොන්නක් සහිත බෝගොඩ රජමහා විහාරය ගැනයී...

වළගම්බා රජ සමගේ සැඟව ගිය වගතුග කියාපාන ස්ථානයක් කිව්වොත් නිවැරදී...

නිසංසල සේ ම සිත දැහැන්ගත කරවන සොඳුරු වටපි‍ටාවක පිහිටි මේ විහාරය හරිම පූජනීයයි...

ඉදිරිපස වූ ලී පාලමින් එගොඩ වී තමා මේ විහාරයට යන්නේ.. ඒ ලී පාලමත් විශේෂයි. මෙය ලංකාවේ පැරණිතම ලී පාලමක් වන අතර එය නිර්මාණයේදී කිසිදු ඇණයක් ගහලා නෑ

වළගම්බා රජු මේ ප්‍රදේශයට පැමිණ මෙහි ඇති ගුහාවේ සැඟව සිට බව සදහන් වෙනවා...

එම කාලයේ මෙම ස්ථානයේ රහතන් වහන්සේලා වැඩමකොට සිට ඇති අතර මෙහි ඇති ගුහාවෙන් ඇරඹෙන උමං මාර්ගයෙන් බණ්ඩාරවෙල දෝව පන්සල දක්වා යෑමට හැකියාවක් පැවතී ඇති බවක් කියැවනවා...

මේ විහාරගේ ඇතුළත ඇති අලංකාර මකර තොරණ වගේ මකර තොරණක් ලංකා‍වේ කිසිඳු ස්ථානයක දැක ගන්න ලැවෙන්නෑ 

මොකද එය සාදා නිමකොට ඇත්තේ මී පැණි සහ හුඹස් මැටිවලින්...

මෙම විහාරගෙයි වම් පස විශ්ණු දෙවියන්ගේ හිටි පිළිමයක් දක්නට ලැබෙනවා... 

ඒ පිළිබඳ කරුණු සොයා යන විට හෙළිදරව් වන්නේ එය වලගම්බා රජුන්ගේ හින්දු ආගමික බිසවකට පුද පූජා සඳහා නිමකරන ලද්දක් බව යි...

පසු කලෙක එම ස්ථානයේ සැතපෙන බුදු පිළිමය ඉදි කරන විට විශ්ණු දේව ප්‍රතිමාවට හානියක් සිදු නොවන ලෙසින් ඒ වටා බිත්ති බැඳ දේව රූපයේ උඩුකය කොටස පමණක් දිස්වන ලෙස තබා ඒ ඉදිරියෙන් සැතපෙන බුදු රුව සාදා තිබෙනවා.. 

මෙම ස්ථානයේ බෝගොඩ රජමහා විහාරය කරවා ඇත්තේ වලගම්බා රජුගේ අවසන් සමයේ දීයි...

ඒ, මෙහි ගම්වාසීන් යුද්ධයේ දී රජුට පක්ෂපාතීව උදව් උපකාර කිරීමට කෘතගුණ සැලකීමක් වශයෙන් බව කියෑවෙනවා...

වලගම්බා රජ සම‍යේ විහාර ගෙය ද දඹදෙනි යුගයේ සුවිශේෂී දැව පාලම ද නිමවා තිබු නමුත් මෙම පුදබිම අංග සම්පූර්ණ විහාරයක් කොට සසුනට පූජාකොට ඇත්තේ ශ්‍රී වික්‍රම රාජසිංහ රජු විසින්...

බදුල්ල, හාලිඇල, කැටවල, ජගුල්ල හරහා බෝගොඩ ප්‍රදේශයට පැමිණීමෙන්, ඔබට ද මෙම මනස්කාන්ත පරිසරයේ සැඟව ගිය රාජකීය ඉතිහාසයට එබිකම් කරන්නට වරම් ලැබෙනවා..

ඔබත් ගිහින් ඒ පුදබිම වැදපුදා ගන්න...

පින්තූර මුල්හිමිකරු සතුයි 📸🙏 Travel for Education
අතීත කතා රැසක් සැගවුණු - බෝගොඩ රජමහා විහාරය ☸️🙏❤️ (Bogoda Raja Maha Viharaya) - Your Choice Way

අතීත කතා රැසක් සැගවුණු - බෝගොඩ රජමහා විහාරය ☸️🙏❤️ (Bogoda Raja Maha Viharaya) - Your Choice Way

අතීත කතා රැසක් සැගවුණු - බෝගොඩ රජමහා විහාරය ☸️🙏❤️ (Bogoda Raja Maha Viharaya) - Your Choice Way

අතීත කතා රැසක් සැගවුණු - බෝගොඩ රජමහා විහාරය ☸️🙏❤️ (Bogoda Raja Maha Viharaya) - Your Choice Way

අතීත කතා රැසක් සැගවුණු - බෝගොඩ රජමහා විහාරය ☸️🙏❤️ (Bogoda Raja Maha Viharaya) - Your Choice Way

අතීත කතා රැසක් සැගවුණු - බෝගොඩ රජමහා විහාරය ☸️🙏❤️ (Bogoda Raja Maha Viharaya) - Your Choice Way

අතීත කතා රැසක් සැගවුණු - බෝගොඩ රජමහා විහාරය ☸️🙏❤️ (Bogoda Raja Maha Viharaya) - Your Choice Way

අතීත කතා රැසක් සැගවුණු - බෝගොඩ රජමහා විහාරය ☸️🙏❤️ (Bogoda Raja Maha Viharaya) - Your Choice Way

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇

0 comments:

Post a Comment