Yaluwe Sithin Handannepa Song Lyrics - යාළුවේ සිතින් හඬන්නෙපා ගීතයේ පද පෙළ

Yaluwe Sithin Handannepa Song Lyrics - යාළුවේ සිතින් හඬන්නෙපා ගීතයේ පද පෙළ
Song Title : Yaluwe Sithin Handannepa (යාළුවේ සිතින් හඬන්නෙපා)
ගායනය : නීලා වික්‍රමසිංහ
තනුව : රූකාන්ත ගුණතිලක
ගී පද : අජන්තා රණසිංහ


මාළුවෝ තවත් හිඳී ජලේ
ප්‍රේමයේ රඟේ
තාරුකා වගේ
රෑ දිලී උදේ නිවී නිවේ
යාළුවේ සිතින් හඬන්නෙපා

සෑම ප්‍රේමවන්තයෝ
රෑ දිවා හැඬූ නෙතේ
බිංදු බිංදු ඈත පායලා
සාගරේ තරංග සේ
හෝ හඬින් විලාප දේ
ඒ උදාර ආදරේ අමා

යාළුවේ සිතින් හඬන්නෙපා
මාළුවෝ තවත් හිඳී ජලේ

ලෝ උපන් දිනේ පටන්
ප්‍රේම වේදනා සුසුම්
මේ කුණාටු සීත මාරුතේ
දේශ දේශයේ පවා
ලෝ නිරන්තරේ දවා
යෞවනේ නිසාලු යාළුවේ

යාළුවේ සිතින් හඬන්නෙපා
මාළුවෝ තවත් හිඳී ජලේ
ප්‍රේමයේ රඟේ
තාරුකා වගේ
රෑ දිලී උදේ නිවී නොයේ
යාළුවේ සිතින් හඬන්නෙපා

යාළුවේ සිතින් හඬන්නෙපා //

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇

0 comments:

Post a Comment