සමෝසා හදමු (Samosa Hadamu)

සමෝසා හදමු (Samosa Hadamu) - Your Choice Way
අද අපි හදන්නේ හරිම විශේෂ සමෝසා එකක්. මොකද මේක හදන්න තෙල් බිංදුවක්වත් අපි පාවිච්චි කරන්නේ නැ.Healthy විදිහට තමයි අපි මේ සමෝසා හදන්නේ. දැන් බලමු මේ සමෝසා එක හදන්න අවශ්‍ය මොනවද කියලා..

✅ අවශ්‍ය ද්‍රව්‍ය :

  • 🥠 පාන් පිටි/ආටා පිටි 2 Cup
  • 🥠 ලුණු රස අනුව
  • 🥠 සූදුරු 2 tsp
  • 🥠 තම්බා පොඩි කරගත් ලොකු අල ගෙඩියක්
  • 🥠 කහ කුඩු ¼ tsp
  • 🥠 මිරිස් කුඩු ¼ tsp
  • 🥠 අමු මිරිස් අවශ්‍ය තරමට
  • 🥠 ලූණු (සිහින්ව කපාගත්)
  • 🥠 තම්බාගත් ග්‍රීන් පීස් ¼ Cup

✅ සාදා ගන්නා ආකාරය :

  1. මුලින්ම භාජනයක් ගෙන එයට පිටි, ලුණු, සූදුරු දමා කලවම් කර වතුර ටික ටික එකතු කරමින් හොද soft ඩෝ එකක් හදාගන්න. එම ඩෝ එක මිනිත්තු 30ක් රෙදි කැබැල්ලකින් වසා තබන්න.
  2. ඉන්පසු තම්බා පොඩි කරගත් අල ටිකට කහ, මිරිස් කුඩු, අමු මිරිස්, ලූණු, ලුණු දමා කලවම් කරගන්න.
  3. එම මීශ්‍රනයට ග්‍රීන් පීස් එකතු කර නැවත කලවම් කරගන්න.
  4. දැන් වසා තැබු ඩෝ එකෙන් පොඩි බෝල හදාගන්න.
  5. එම හදාගත් බෝලයක් රෝලින් පින් එකකින් හොදට තුනී කරගන්න.
  6. තුනී කරගත් කොටස දෙකට කපා එක කොටසක් ගෙන ත්‍රීකෝණයක් ආකාරයට නවා මැදට හදාගත් මීශ්‍රනයෙන් ටිකක් දමා වසාගන්න.
  7. දැන් ටිකක් ගැඹුරු භාජනයක් ගෙන එයට ලුණු හෝ වැලි දමා හෝදින් වසා අඩු ගින්දරේ මිනිත්තු 10 ක් තබාගන්න.
  8. ඉන්පසු සමෝසා Tray එකක තබා, හදාගත් භාජනය ඇතුලින් තබා මිනිත්තු 25 -30 ක් අඩු ගින්දරේ බේක් කරගන්න.

මේ Samosa එක හදලා බලලා අපිටත් රස කියන්න.තවත් රස පදමට හදන Recipe අරගෙන මම ආයිත් එන්නම්.සියලු දෙනාට සුභ දවසක්...රස පදම
සමෝසා හදමු (Samosa Hadamu) - Your Choice Way
👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇

0 comments:

Post a Comment