Ulkapathayak Song Lyrics - උල්කාපාතයක් ගීතයේ පද පෙළ

Ulkapathayak Song Lyrics - උල්කාපාතයක් ගීතයේ පද පෙළ
Song Title : Ulkapathayak (උල්කාපාතයක්)
ගායනය : ඉන්ද්‍රචාප ලියනගේ
සංගීතය : ඉසුරු කුමාරසිංහ, ඉන්ද්‍රචාප ලියනගේ
ගී පද : චින්තන ධර්මදාස


අළු පාට වළාකුළු
කථාවක් නෑ
තරු නිවී තරු නිවී
රාත්‍රියේ
සඳක් නැති අහසේ
අරමුණක් නැතුව මං
ගිනි අරන් ගිනි අරන්
මොනවත් හොයන්

උල්කාපාතයක් අහසේ ගිනි අරන්
අළු වෙලා පොළවට වැටෙනා
උල්කාපාතයක් //
උල්කාපාතයක්

අහස් කාන්තාරයේ
නන්නාඳුනනා ජීවිතේ
ආලෝක වර්ෂ ගෙවා
ආදරේ අරමුණක් සොයා
පොළවට වැටෙනා
දේවතා එළියක්
ගිනි ගත්ත
තරු එළියක්

උල්කාපාතයක් අහසේ ගිනි අරන්
අළු වෙලා පොළවට වැටෙනා
උල්කාපාතයක් //
උල්කාපාතයක්

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇

0 comments:

Post a Comment