Sumudu Walawaka Song Lyrics - සුමුදු වලාවක ගීතයේ පද පෙළ

Sumudu Walawaka Song Lyrics - සුමුදු වලාවක ගීතයේ පද පෙළ
Song Title : Sumudu Walawaka (සුමුදු වලාවක)
ගායනය : චන්දන ලියනාරච්චි
සංගීතය : ගුණදාස කපුගේ
ගී පද : චන්න ජයනාත්


සුමුදු වලාවක
අඳුර වෙලා නුඹ
මට දුන් කඳුළු බිඳු
සිනා මලක් වී
යලි යලි පිපියන්
පෙම් කල සිතක මතු //

සිහින හතක් මැද
පෙනි පෙනි නොපෙනෙන
සුර කුමරියක් වෙලා //
එපා හිඳින්නට
දෙතුන් දැහැන් බැඳ
සිත පව් පුරනු එපා

සුමුදු වලාවක
අඳුර වෙලා නුඹ
මට දුන් කඳුළු බිඳු
සිනා මලක් වී
යලි යලි පිපියන්
පෙම් කල සිතක මතු

බඹර තුඩට සුව
මලක සුවඳ නොව
මල් අග රැඳුනු පැණි //
සොඳුරු සිතක හැඩ
රෝස කොපුල් යුග
දුටුවම කියනු බැරි

සුමුදු වලාවක
අඳුර වෙලා නුඹ
මට දුන් කඳුළු බිඳු
සිනා මලක් වී
යලි යලි පිපියන්
පෙම් කල සිතක මතු

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇

0 comments:

Post a Comment