Digu Dasa Dutuwama Song Lyrics - දිගු දෑස දුටුවාම ගීතයේ පද පෙළ

Digu Dasa Dutuwama Song Lyrics - දිගු දෑස දුටුවාම ගීතයේ පද පෙළ
Song Title : Digu Dasa Dutuwama (දිගු දෑස දුටුවාම)
ගායනය : රොමේෂ් සුගතපාල
පද රචනය : නන්දන වික්‍රමගේ
සංගීතය : රොමේෂ් සුගතපාල


දිගු දෑස දුටුවාම හැ‍ඟෙනවා පෙර සේම
උන්නු හැටි මගෙ ගාව ඔය හිතට අමතකද
බිඳ දමා මගෙ සිහිනේ ඇයිද ඔබ හැංගෙන්නේ
මට දෙන්න මගෙ සිහිනේ ලඟ ඉන්න පෙරවාගේ...//

රෑ දිවා හිත පුරා ඇවිලිලා මේ ගින්න
තරු පවා හඬනවා ‍ඔබට නෑ තේරෙන්නේ
හිතට හිත හිමි නැතිද අහනවා හිත මාගේ
ම‍ට දෙන්න මගෙ සිහිනේ ලඟ ඉන්න පෙර වාගේ...

දිගු දෑස දුටුවාම හැ‍ඟෙනවා පෙර සේම
උන්නු හැටි මගෙ ගාව ඔය හිතට අමතකද
බිඳ දමා මගෙ සිහිනේ ඇයිද ඔබ හැංගෙන්නේ
මට දෙන්න මගෙ සිහිනේ ලඟ ඉන්න පෙරවාගේ...//

පෙර එදා හමුවෙලා වෙළුනු හැටි මුදු පහසේ
විදිනවා දකිනවා නිහඩ රෑ දුර අහසේ
දුරම මිස ලඟ නැතිද අහනවා නෙතුමාගේ
කවදාද ඔබ එන්නේ නැතුවාද හමුවන්නේ...

දිගු දෑස දුටුවාම හැ‍ඟෙනවා පෙර සේම
උන්නු හැටි මගෙ ගාව ඔය හිතට අමතකද
බිඳ දමා මගෙ සිහිනේ ඇයිද ඔබ හැංගෙන්නේ
මට දෙන්න මගෙ සිහිනේ ලඟ ඉන්න පෙරවාගේ...//

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇

0 comments:

Post a Comment