Sambudda Raja Sri Gauthama Song Lyrics - සම්බුද්ධ රාජ ශ්‍රී ගෞතම ගීතයේ පද පෙළ

Sambudda Raja Sri Gauthama Song Lyrics - සම්බුද්ධ රාජ ශ්‍රී ගෞතම ගීතයේ පද පෙළ
Song Title : Sambudda Raja Sri Gauthama (සම්බුද්ධ රාජ ශ්‍රී ගෞතම)
Singing : Sunil Edirisinghe (සුනිල් එදිරිසිංහ මහත්මා)


සම්බුද්ධ රාජ ශ්‍රී ගෞතම ලලාට ධාතු
නිධන්ගත සේරුවාවිල මහ සෑ ගිරි,
සාදු සාදු වන්දනා කරම්
සාදු සාදු වන්දනා කරම්

මේ මහාභද්‍ර කල්පයෙහි බුදු වූ ගරුතර
කකුසද කෝනාගම කාශ්‍යප ගෞතම මුණිවර
කකුසද කෝනාගම කාශ්‍යප ගෞතම මුණිවර

ඒ පූජනීය ශාරීරික ධාතු නිධන් කර
නිමකෙරූ වෙහෙර වඳිමූ වත්තක මල් පුද කර

සම්බුද්ධ රාජ ශ්‍රී ගෞතම ලලාට ධාතු
නිධන්ගත සේරුවාවිල මහ සෑ ගිරි,
සාදු සාදු වන්දනා කරම්
සාදු සාදු වන්දනා කරම්.

අප බුදුන් තෙවැනි වරලක වැඩි උතුම් උදානය
සමරා කලෝ බුදුහු මෙබිම පුපෝ උපහාරය

අපි යුගත සිරස බැඳ බැඳ වැඳ මෙවන් විහාරය
නිර්වාණ සුඛ විඳිමු තරණය කර සංසාරය

සම්බුද්ධ රාජ ශ්‍රී ගෞතම ලලාට ධාතු
නිධන්ගත සේරුවාවිල මහ සෑ ගිරි,
සාදු සාදු වන්දනා කරම්
සාදු සාදු වන්දනා කරම්

අපි වන්දනා කරම්
අපි වන්දනා කරම්
අපි වන්දනා කරම්
අපි වන්දනා කරම්
අපි වන්දනා කරම්

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇

0 comments:

Post a Comment