Ruwanwella Man Yanakota Song Lyrics - රුවන්වැල්ල මං යනකොට ගීතයේ පද පෙළ

Ruwanwella Man Yanakota Song Lyrics - රුවන්වැල්ල මං යනකොට ගීතයේ පද පෙළ
Song Title : Ruwanwella Man Yanakota (රුවන්වැල්ල මං යනකොට)
ගායනය : සේනානායක වේරලියද්ද
තනුව : සේනානායක වේරලියද්ද
ගී පද : ජයම්පති අල්ගම


රුවන්වැල්ල මං යනකොට
ගං වැල්ලේ සැලි සැලි
රුවන් සිනා රැල්ල වැනුවෙ
ඇයි කෙල්ලේ සිලි සිලි
මාවනැල්ල පසු කල විට
පායා ආ සඳමලී
හිනා රැල්ල ඇයි ඇන්දේ
දුරලා සිත සැනසිලි

පවන් රැල්ල ගෙන එනවා
ගතට සුවය සැනසිලි
නැවුම් නිල්ල පොබයනවා
රහසෙම පෙම් සිතුවිලි
නදී රැල්ල අතුරනවා
ටිකිරි පයට පියවිලි
හිනා රැල්ල නැංවෙනවා
හඳපානේ දිලි දිලි
මං එතකොට තනිවෙනවා
හදත් සමග කෙඳිරිලි

රුවන්වැල්ල මං යනකොට
ගං වැල්ලේ සැලි සැලි
රුවන් සිනා රැල්ල වැනුවෙ
ඇයි කෙල්ලේ සිලි සිලි
මාවනැල්ල පසු කල විට
පායා ආ සඳමලී
හිනා රැල්ල ඇයි ඇන්දේ
දුරලා සිත සැනසිලි

රුවන්වැල්ලෙ රුවන් සිනා
මා වටකොට වෙලීයන්
පවන් රැල්ල සිහිලස දී
සුවඳ මුසුව ඇදීයන්
සිනා රැල්ල සදාකල්ම
මා වටකොට සරාපන්
රුවන් තැල්ල බඳින තුරා
තනිකම දුක නොදීයන්
රුවන් කෙල්ල ලැබෙන තුරා
ගංගාවේ ගලාපන්

රුවන්වැල්ල මං යනකොට
ගං වැල්ලේ සැලි සැලි
රුවන් සිනා රැල්ල වැනුවෙ
ඇයි කෙල්ලේ සිලි සිලි
මාවනැල්ල පසු කල විට
පායා ආ සඳමලී
හිනා රැල්ල ඇයි ඇන්දේ
දුරලා සිත සැනසිලි

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇

0 comments:

Post a Comment