හාල් කීරී හදමු 🍯🍯🍯 (Rice Flour Porridge Hadamu)

හාල් කීරී හදමු 🍯🍯🍯 (Rice Flour Porridge Hadamu) - Your Choice Way
අපි අද හාල් කීරී හදමු. උදෑසන ආහාරයට වගේම අතුරුපසක් ලෙසත් ගන්න පුලුවන්. ලොකු අපිට වගේම පොඩි අයටත් ගැලපෙන රසවත් ආහාරයක්..එහෙමනම් අපි බලමු හාල් කීරී හදන්න මොනවද අවශ්‍ය කියලා.

✅ අවශ්‍ය ද්‍රව්‍ය :

  • 🍯 හාල් පිටි ½ Cup
  • 🍯 සිනි රස අනුව
  • 🍯 පොල් කිරි 1 Cup
  • 🍯 වතුර 1 Cup
  • 🍯 කජු සහ මුද්දරප්පලම්

✅ සාදා ගන්නා ආකාරය:

  1. හාල් පිටි සහ පොල් කිරි භාජනයකට දමා හොදින් කලවම් කරන්න. 
  2. පසුව වතුර භාජනයකට දමා ලිප On කර වතුර නටන විට හාල් පිටි මිශ්‍රනය හා සිනි එකතු කර හොදින් කලවම් කරන්න.
  3. උකු ගතියට ආ විට කජු සහ මුද්දරප්පලම් එකතු කරන්න.(හැන්දට ටිකක් අරගෙන පහළට වැටෙන වේගය බලන්න. හෙමීන් කැඩි කැඩි වැටෙයි නම් පදම හරි.)

මේ හාල් කීරී හදලා බලලා අපිටත් රස කියන්න.තවත් රස පදමට හදන Recipe අරගෙන මම ආයිත් එන්නම්..සියලු දෙනාට සුභ දවසක්...රස පදම
හාල් කීරී හදමු 🍯🍯🍯 (Rice Flour Porridge Hadamu) - Your Choice Way
👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇

0 comments:

Post a Comment