Pun Poda Sanda Song Lyrics - පුන්පෝදා සඳ ගීතයේ පද පෙළ

Pun Poda Sanda Song Lyrics - පුන්පෝදා සඳ ගීතයේ පද පෙළ
Song Title : Pun Poda Sanda (පුන්පෝදා සඳ)
ගායනය : මාලනී බුලත්සිංහල
සංගීතය : එච්.එම්. ජයවර්ධන
ගී පද : ලූෂන් බුලත්සිංහල


පුන් පෝදා සඳ ඔබ ගෙන ආවොත්
මල් වට්ටියකට අරගන්නම්
ඔබ හැමදාමත් ඉල්ලන තරු මල්
එයට නෙලා පිළිගන්වන්නම් //

දේදුන්නක් ඔබ මට ගෙන ආවොත්
විසිතුරු සළුවක් වියමි එයින්
පරසතු උයනේ සක්මන් කරනට
ඉන් සැරසී ඔබ හා එන්නම්

පුන් පෝදා සඳ ඔබ ගෙන ආවොත්
මල් වට්ටියකට අරගන්නම්
ඔබ හැමදාමත් ඉල්ලන තරු මල්
එයට නෙලා පිළිගන්වන්නම්

බිඟුතුඩු නොවැදුනු පියුම ගෙනාවොත්
මානස විල මත පිපුනු සැනින්
නැවුම් පෙමට කිම වෙහෙසෙනු පෙම්වත
යලි උපදිමි ඒ පියුමින් මං

පුන් පෝදා සඳ ඔබ ගෙන ආවොත්
මල් වට්ටියකට අරගන්නම්
ඔබ හැමදාමත් ඉල්ලන තරු මල්
එයට නෙලා පිළිගන්වන්නම්

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇

0 comments:

Post a Comment