Akeekaru Himiyane Song Lyrics - අකීකරු හිමියනේ ගීතයේ පද පෙළ

Akeekaru Himiyane Song Lyrics - අකීකරු හිමියනේ ගීතයේ පද පෙළ
Song Title : Akeekaru Himiyane (අකීකරු හිමියනේ)
ගායනය : මාලනී බුලත්සිංහල
පද රචනය : සමන් අතාවුදහෙට්ටි
සංගීතය : එච්. එම්. ජයවර්ධන


අකීකරු හිමියනේ..
මවක් සේ රකිමි ඔබ...
අකීකරු හිමියනේ...

මධු මතින් ගත රැදුණු
නෙතු යුගල මට දෙන්න..
සෙහෙහසේ සිහිල් නිල්
දියෙන් පුරවාලන්න
අකීකරු හිමියනේ...

බඹර හිස සතපන්න
හද යහන සදන්නට
ප්‍රේමයේ නාමයෙන්
මදක් අවසර දෙන්න
අකීකරු හිමියනේ...

මධු විතින් නොනිමි දුක්
කුණාටුව මට දෙන්න
යලිදු හෙට උදෑසන
මලක් සේ පිබිදෙන්න
අකීකරු හිමියනේ...

මවක් සේ රකිමි ඔබ...
අකීකරු හිමියනේ...

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇

0 comments:

Post a Comment