Nalala Wiyalawa Wigasin Song Lyrics - නළල වියලවා විගසින් ගීතයේ පද පෙළ

Nalala Wiyalawa Wigasin Song Lyrics - නළල වියලවා විගසින් ගීතයේ පද පෙළ
Song Title : Nalala Wiyalawa Wigasin (නළල වියලවා විගසින්)
ගායනය : සේනානායක වේරලියද්ද
තනුව : සේනානායක වේරලියද්ද
පද : නුවන් කුමාර කටුගම්පොල


නළල වියලවා විගසින්
තිලකයක් තියා අළුතින්
දොරකඩට ඇවිත් හිටගෙන හිනාවෙන නමුත්
තවම කෙහෙ රැළින් දිය වෑහෙනවා රාජිනී
ලපටි සුදු මිරිස් මල් දිලිහෙනව රාජිනී
දිලිහෙනව රාජිනී
දිලිහෙනව රාජිනී

දෙවොල් මළුවේ සුදු වැලි කැට
පුරුද්දට වගේ ගැන ගැන
සීනු හඬට කන් දෙන විට
පිරුණු හිත මුවින් උතුරන අපූරුව මැවේ
රාස්සිගේ අව් කෙඳි ටික
නාගදීපයට එපිටින්
මුහුදේ ගිලෙන විට සිහිලයි නොවේද රාජිනී
නොවේද රාජිනී
නොවේද රාජිනී

නළල වියලවා විගසින්
තිලකයක් තියා අළුතින්
දොරකඩට ඇවිත් හිටගෙන හිනාවෙන නමුත්
තවම කෙහෙ රැළින් දිය වෑහෙනවා රාජිනී
ලපටි සුදු මිරිස් මල් දිලිහෙනව රාජිනී
දිලිහෙනව රාජිනී
දිලිහෙනව රාජිනී

මඟ වසන වලා තිරපට
ඉරාගෙන උජාරුවකින්
බක් මහේ නැවුම් සඳවත
පෙරඹරින් නැගී එන හැඩ වියැක යන සේ
කතා කරන ඇස් වහගෙන
අගය පෙන්වනා විටදිත්
නුඹ තරම් සොඳුරු කවියක් නැහැනේ රාජිනී
නැහැනේ රාජිනී
නැහැනේ රාජිනී

නළල වියලවා විගසින්
තිලකයක් තියා අළුතින්
දොරකඩට ඇවිත් හිටගෙන හිනාවෙන නමුත්
තවම කෙහෙ රැළින් දිය වෑහෙනවා රාජිනී
ලපටි සුදු මිරිස් මල් දිලිහෙනව රාජිනී
දිලිහෙනව රාජිනී
දිලිහෙනව රාජිනී

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇

0 comments:

Post a Comment