Ahi Dara Matha Duka Song Lyrics - ඇහි දාර මත දුක ගීතයේ පද පෙළ

Ahi Dara Matha Duka Song Lyrics - ඇහි දාර මත දුක ගීතයේ පද පෙළ
Song Title : Ahi Dara Matha Duka (ඇහි දාර මත දුක)
ගායනය : සේනානායක වෙරලියද්ද
සංගීතය : සදීප්ත ගුණවර්ධන
පද රචනය : කුශාන් මනීන්ද්‍ර


ඇහි දාර මත දුක දෝරෙ ගැලුවට
නෑ ඔබ එන්නේ
හිත වදදේවී ඔබ ඉල්ලලා
ඔබ ඉල්ලලා //

කවියක් වාගේ ජීවත් වෙන්න
තාලේ ගෙනවිත් දෙන්න
පද වැල් එළි වැටේ
ළඟම නතර වෙලා //

ආදරෙ නාමෙන් මියැදෙන්න හැදුවත්
දුකමයි සෙතක් වෙන්නෙ නෑ
හිත පිළිගන්නේම නෑ

ඇහි දාර මත දුක දෝරෙ ගැලුවට...

හිතුවත් ගලන ගඟ සේ ඉන්න
බාධා අතැරලා ගලන
ආදර කතරෙදි
හිඳිලා ගියා //

ආදරෙ නාමෙන් මියැදෙන්න හැදුවත්
දුකමයි සෙතක් වෙන්නෙ නෑ
හිත පිළිගන්නේම නෑ

ඇහි දාර මත දුක දෝරෙ ගැලුවට... //

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇

0 comments:

Post a Comment