Mega Duthaya Me Song Lyrics - මේඝ දූතය මේ ගීතයේ පද පෙළ

Mega Duthaya Me Song Lyrics - මේඝ දූතය මේ ගීතයේ පද පෙළ
Song Title : Mega Duthaya Me (මේඝ දූතය මේ)
Lyrics : Chathumi Silva (මධූ) (චතුමි සිල්වා)


මේඝ දූතය මේ අසාපන්
මගේ දුක ඔහුටම කියාපන්
හදේ ගිනි ඇවිලෙයි බලාපන්
ඒ වගක් නම් නොම කියාපන්

ඔහු වැරදි නැති බව කියාපන්
මගෙ වැරදි තව තව ගොතාපන්
හිතේ කහටක් නෑ කියාපන්
මටම දොස් දී යලිත් හැරීයන්

නැගෙන ගින්නෙන් මා දැවෙන්නම්
රස්නෙවත් ඔහුහට නොදෙන්නම්
අළු මතින් නැග සිටිය හැකි නම්
එසේ ෆීනික්ස් නොවෙමි මේ මම්

යනෙන මාවත් කිරෙන් දෙවියන්
බලන හැම අත මල්ම පිපියන්
මගෙත් ආසිරි ඔහුට ලැබියන්
දිනෙන් දින ජය කිරැළු දැරියන්

මේඝ දූතය යලිත් හැරියන්
මගේ ළඟ තනියට හිදීයන්
මන් අඬන බව දියෙන් සඟවන්
ඉක්මනට මහ වැස්ස වැටියන්

........මධූ........🖤

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇

0 comments:

Post a Comment