Lowe Koyi Katath Horen Song Lyrics - ලොවේ කොයි කාටත් හොරෙන් ගීතයේ පද පෙළ

Lowe Koyi Katath Horen Song Lyrics - ලොවේ කොයි කාටත් හොරෙන් ගීතයේ පද පෙළ
Song Title : Lowe Koyi Katath Horen (ලොවේ කොයි කාටත් හොරෙන්)
ගායනය : රෝහණ සිරිවර්ධන
සංගීතය : ඩයමන්ඩ් පෙරේරා
පද රචනය : කිත්සිරි නිමල් ශාන්ත


ලොවේ කොයි කාටත් හොරෙන්
ලැගුම් ගන්නම් ඇසිල්ලක් මා
ඔබේ සිත් යහනේ //

නින්ද නොමැතිව හිඳින විට ඔබ
කවුළු දොර ළඟ මග බලා
සුළං රැල්ලේ එතී එන්නම්
රුවැත්තියෙ මා ඔබ සොයා

ලොවේ කොයි කාටත් හොරෙන්
ලැගුම් ගන්නම් ඇසිල්ලක් මා
ඔබේ සිත් යහනේ

සුසුදු කවි ගී සෙමින් මුමුණන
ඔබේ තනි නොතනිය මකා
ළසඳ කැල්මේ වෙලී එන්නම්
රුවැත්තියෙ මා ඔබ සොයා

ලොවේ කොයි කාටත් හොරෙන්
ලැගුම් ගන්නම් ඇසිල්ලක් මා
ඔබේ සිත් යහනේ //

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇

0 comments:

Post a Comment