Enna Mada Nale Song Lyrics - එන්න මද නලේ ගීතයේ පද පෙළ

Enna Mada Nale Song Lyrics - එන්න මද නලේ ගීතයේ පද පෙළ

Enna Mada Nale Song Lyrics - එන්න මද නලේ ගීතයේ පද පෙළ
Song Title : Enna Mada Nale (එන්න මද නලේ)
ගායනය : රෝහණ සිරිවර්ධන
මුල් ගායනය : තිලකසිරි ප්‍රනාන්දු
සංගීතය : තිලකසිරි ප්‍රනාන්දු
ගී පද : කරුණාරත්න අබේසේකර


එන්න මද නලේ
ගොස් පවසන්න දුක මගේ
යන්නට හැකි ඔබට පමණි
සිර ගෙයට ඇගේ
දිවා රැයේ වැලපිලා
දෑස ඈගේ රතුවෙලා

කියන්නකෝ මගෙ දුක ඇගෙ
කණට ළං වෙලා //

එන්න මද නලේ
ගොස් පවසන්න දුක මගේ
යන්නට හැකි ඔබට පමණි
සිර ගෙයට ඇගේ
දිවා රැයේ වැලපිලා
දෑස ඈගේ රතුවෙලා //

සෝක පණිවිඩය යවන්න ආදරිය බලා
කාලිදාස කිවිඳු මේඝදූතයක් කලා
මට කොයින්ද එම වලා
ආමි සුළඟෙ ඔබ බලා

කියන්නකෝ මගෙ දුක ඇගෙ
කණට ළං වෙලා //

එන්න මද නලේ
ගොස් පවසන්න දුක මගේ
යන්නට හැකි ඔබට පමණි
සිර ගෙයට ඇගේ
දිවා රැයේ වැලපිලා
දෑස ඈගේ රතුවෙලා//

සන්දේශයකින් යවන්න මෙදුක උන් අතේ
හංස ගිරා ලිහිණි කොවුල් ‍කුරුල්ලන් නැතේ
සුළඟේ මා අසරණයි
මට ඇති වස්තුව ඇයයි

කීවොත් මගෙ දුක සදහට
ඔබට මා ණයයි //

එන්න මද නලේ
ගොස් පවසන්න දුක මගේ
යන්නට හැකි ඔබට පමණි
සිර ගෙයට ඇගේ
දිවා රැයේ වැලපිලා
දෑස ඈගේ රතුවෙලා

කියන්නකෝ මගෙ දුක ඇගෙ
කණට ළං වෙලා //

එන්න මද නලේ
ගොස් පවසන්න දුක මගේ
යන්නට හැකි ඔබට පමණි
සිර ගෙයට ඇගේ
දිවා රැයේ වැලපිලා
දෑස ඈගේ රතුවෙලා //

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇

0 comments:

Post a Comment