Dewa Mandire Song Lyrics - දේව මන්දීරේ ගීතයේ පද පෙළ

Dewa Mandire Song Lyrics - දේව මන්දීරේ ගීතයේ පද පෙළ
Song Title : Dewa Mandire (දේව මන්දීරේ)
ගායනය : රෝහණ සිරිවර්ධන
තනුව : එච්.එම්. ජයවර්ධන
පද : කැමිලස් පෙරේරා


දේව මන්දීරේ වැතිරී බැතියෙන්
පුදසුන අබියස ආයාචනා කරම්
දැවෙන සිතේ සංකා සෝ දුක්
නිවන ලෙසේ

අපටම වෙන් වුණු අපගේ ලෝකය
යදම් පවුරු ලා දොරගුළු ලා ඇත
දෙතැනක තනි වුණු දෙසිතක සෙනෙහස
කවදා හමුවේදෝ

දේව මන්දීරේ වැතිරී බැතියෙන්
පුදසුන අබියස ආයාචනා කරම්
දැවෙන සිතේ සංකා සෝ දුක්
නිවන ලෙසේ

සෙනෙහස බිඳ දා ඉවත බැලූ සඳ
ඈ තනි වෙනවා රුදුරු ලොවේ අද
පහන් හැඟුම් මැද අප හමුවන දින
කවදා ළං වේදෝ

දේව මන්දීරේ වැතිරී බැතියෙන්
පුදසුන අබියස ආයාචනා කරම්
දැවෙන සිතේ සංකා සෝ දුක්
නිවන ලෙසේ

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇

0 comments:

Post a Comment