Kandulu Binduwa Song Lyrics - කඳුළු බිංදුව ගීතයේ පද පෙළ

Kandulu Binduwa Song Lyrics - කඳුළු බිංදුව ගීතයේ පද පෙළ
Song Title : Kandulu Binduwa (කඳුළු බිංදුව)
ගායනය : සේනානායක වේරලියද්ද
තනුව : සේනානායක වේරලියද්ද
පද : නුවන් කුමාර කටුගම්පොල


මටම පෙම් කර
නෙතග නිවසන
සදා නොසිඳෙන
සුනිල උල්පත
කඳුළු බිංදුව //

සමනලිය නෙත ලැගුම් ගෙන හුන්
නුඹව පළවා හැරිය දා මං
උන්හිටිය තැන් අහිමි වීමෙන්
උන්හිටිය තැන් අහිමි වීමෙන්
ම වෙත වෙර බැඳ පිටව ගිය නුඹ
කඳුළු බිංදුව

මටම පෙම් කර
නෙතග නිවසන
සදා නොසිඳෙන
සුනිල උල්පත
කඳුළු බිංදුව

නිදැල්ලේ ඔහෙ ඉගිල ගිය ඇය
මගේ විජිතෙන් වහන් වුණු සඳ
කොහේදෝ හිඳ ජීවතුන් මැද
කොහේදෝ හිඳ ජීවතුන් මැද
ම වෙත පෙම් බැඳ පැමිණි සකි සඳ
කඳුළු බිංදුව

මටම පෙම් කර
නෙතග නිවසන
සදා නොසිඳෙන
සුනිල උල්පත
කඳුළු බිංදුව //

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇

0 comments:

Post a Comment