Ara Sanda Paluwen Song Lyrics - අර සඳ පළුවෙන් ගීතයේ පද පෙළ

Ara Sanda Paluwen Song Lyrics - අර සඳ පළුවෙන් ගීතයේ පද පෙළ
Song Title : Ara Sanda Paluwen (අර සඳ පළුවෙන්)
ගායනය : සේනානායක වේරලියද්ද
ගී පද : නන්දා උඩවත්ත
සංගීතය : ජානක ෆොන්සේකා


අර සඳ පළුවෙන් නුඹව පෙනෙයි
පාළු සිතේ විඩා නිවෙයි
මේ සුවිසල් පුර තනිව ඉන්නට
මට ඔය සිත සවිය ගෙනෙයි //

තුරු හිස සිඹ සිඹ වැද මද නළ
මුමුණන විට ගී සවනට //
අපි ඇල් හේනේ පැල් මැස්සේ
ගැයූ ගීත එයි සිහියට
හිත වාවනු බැරි වී එන්නට
හිතුනත් ආපසු ගම රට
හෙට අදට වඩා හොඳ වේ යැයි
කොඳුරයි රහසින් යටි හිත

අර සඳ පළුවෙන් නුඹව පෙනෙයි
පාළු සිතේ විඩා නිවෙයි
මේ සුවිසල් පුර තනිව ඉන්නට
මට ඔය සිත සවිය ගෙනෙයි //

අග හිඟ මාලය ගෙල ළාගෙන
දුක විඳින්න බැරි හින්දම //
මට වෙස්සන්තර රජු වාගේ
දරු දන්දෙනු බැරි හින්දම
පෙර සෙනෙහෙ සිතින් අපි දෙන්නා
උන් හැටි සිහියට අරගෙන
හොඳ පරිස්සමින් මං එනතුරු
ඉන්නවා නේද මගෙ රන් කඳ

අර සඳ පළුවෙන් නුඹව පෙනෙයි
පාළු සිතේ විඩා නිවෙයි
මේ සුවිසල් පුර තනිව ඉන්නට
මට ඔය සිත සවිය ගෙනෙයි //

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇

0 comments:

Post a Comment