Eda Wage Sanda Song Lyrics - එදා වගේ සඳ ගීතයේ පද පෙළ

Eda Wage Sanda Song Lyrics - එදා වගේ සඳ ගීතයේ පද පෙළ
Song Title : Eda Wage Sanda (එදා වගේ සඳ)
ගායනය : ටී. එම්. ජයරත්න
සංගීතය : රෝහණ වීරසිංහ
ගී පද : කුලරත්න ආරියවංශ


එදා වගේ සඳ පෑයූ දිනයෙක
එදා වගේ සීතල තුරු සෙවනක
ඔබේ උණුසුමේ බිඳක් රැදෙන්නට
වරම් ලැබේවා යලි මතු දිනයක..

නිසසල සෙවනක අඬවන් අඳුරේ..
ලොවින් මුවා වූ අපේම ලොවකට..
ඔබේ සෙනෙහසේ සුවද විදින්නට
වරම් ලැබේවා යලි පිවිසෙන්නට...

එදා වගේ සඳ පෑයූ දිනයෙක
එදා වගේ සීතල තුරු සෙවනක
ඔබේ උණුසුමේ බිඳක් රැදෙන්නට
වරම් ලැබේවා යලි මතු දිනයක..

දහසක් ගිනි මැද නිබදව වැලපෙන..
ඔබේ අහිංසක නෙත්සනසන්නට..
මොහොතක් මා නෙතු පියැවෙන්නට පෙර..
වරම් ලැබේවා යලි ලංවන්නට...

එදා වගේ සඳ පෑයූ දිනයෙක
එදා වගේ සීතල තුරු සෙවනක
ඔබේ උණුසුමේ බිඳක් රැදෙන්නට
වරම් ලැබේවා යලි මතු දිනයක..

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇

0 comments:

Post a Comment