Degoda Thala Ganga Gala Song Lyrics - දෙගොඩ තලා ගඟ ගලා ගීතයේ පද පෙළ

Degoda Thala Ganga Gala Song Lyrics - දෙගොඩ තලා ගඟ ගලා ගීතයේ පද පෙළ
Song Title : Degoda Thala Ganga Gala (දෙගොඩ තලා ගඟ ගලා)
ගායනය : ටී. එම්. ජයරත්න
ගී පද : ආචාර්ය අජන්තා රණසිංහ
සංගිතය : ක්ලැරන්ස් විජේවර්ධන


දෙගොඩ තලා ගඟ ගලා
මෙගොඩ ගොඩේ ඈ හිඳී
තොටුපලේ ගං ඉවුරේ
මා තනිවම මද අඳුරේ//

මේ ගඟ ගලා ගියේ
අපි පුංචි ළමුන් දවසේ
ඇගෙ දෙපා පවා ආදරෙන් දොවා
ආදර ඒ ගඟ නෑ අද නෑ

දෙගොඩ තලා ගඟ ගලා
මෙගොඩ ගොඩේ ඈ හිඳී
තොටුපලේ ගං ඉවුරේ
මා තනිවම මද අඳුරේ//

මේ ඔරු කඳේ නැගී
බොර පාට දියේ තනිවී
මා මෙහා ඉමේ ඈ එහා ඉමේ
බාධක මේ ගඟ තාම ගලයි

දෙගොඩ තලා ගඟ ගලා
මෙගොඩ ගොඩේ ඈ හිඳී
තොටුපලේ ගං ඉවුරේ
මා තනිවම මද අඳුරේ//

මා තනිවම මද අඳුරේ///

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇

0 comments:

Post a Comment