Dathata Walalu Song Lyrics - දෑතට වළළු ගීතයේ පද පෙළ

Dathata Walalu Song Lyrics - දෑතට වළළු ගීතයේ පද පෙළ
Song Title : Dathata Walalu (දෑතට වළළු)
ගායනය : නීලා වික්‍රමසිංහ
සංගීතය : සී. ද එස්. කුලතිලක
ගී පද : සී. ද එස්. කුලතිලක


දෑතට වළළු මල් මුතුවැල් මාල පොටයි
යායට එළලූ පුන් කුසුමන් සේ බැබලෙයි
ගී රස කණ ලූ වන් සැනකින් මන් පිණවයි
ලාලිත රුසිරූ සුන්දර සන්සුන් ගමනයි
දෑතට වළළු මල් මුතුවැල් මාල පොටයි
යායට එළලූ පුන් කුසුමන් සේ බැබැලෙයි

උදයට පේළිය සැදිලා
එන සැටී රූබර අඟනෝ
කර වට ගෝමර මල් පිපිලා
ලැම පිට පවලන් පළඳා
බඳේ වැටෙන හිරු තාපය නොදැනෙයි
ළඳේ නුඹට තුරු සෙවනැලි හුරු නැත

දෑතට වළළු මල් මුතුවැල් මාල පොටයි
යායාට එළලූ පුන් කුසුමන් සේ බැබැලෙයි

හිස වට සේලය දවටාලා
ඉණ වට ඔසරිය ඇඳලා
කුඹුරට සීරුවේ බැසලා
තරගෙට සීපද රැව් දීලා
අගේ වඩන රුසිරෙන් සැදි නෙළුමට
රඟේ බලන් සැරසෙන සැටි කදිමට

දෑතට වළළු මල් මුතුවැල් මාල පොටයි
යායට එළලූ පුන් කුසුමන් සේ බැබැලෙයි
ගී රස කණ ලූ වන් සැනකින් මන් පිණවයි
ලාලිත රුසිරූ සුන්දර සන්සුන් ගමනයි

ලාලිත රුසිරූ සුන්දර සන්සුන් ගමනයි //

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇

0 comments:

Post a Comment