Bodhiye Viharaye Song Lyrics - බෝධියේ විහාරයේ ගීතයේ පද පෙළ

Bodhiye Viharaye Song Lyrics - බෝධියේ විහාරයේ ගීතයේ පද පෙළ
Song Title : Bodhiye Viharaye (බෝධියේ විහාරයේ)
ගායනය : නීලා වික්‍රමසිංහ
සංගීතය : සරත් දසනායක
ගී පද : අජන්තා රණසිංහ


බෝධියේ විහාරයේ
පිදූ පියුම් වැනි වූ
බාලිකා ලොව මැලවුන දා
මුළු ලොවටම රෑ වෙනවා //

මල් පොහොට්ටු මා හදේ
සුරංගනා පොකුණේ
මල් වරම් ලැබ පිපෙන තුරා
ඔබ නටුවෙන් බිඳිනු එපා

බෝධියේ විහාරයේ
පිදූ පියුම් වැනි වූ
බාලිකා ලොව මැලවුන දා
මුළු ලොවටම රෑ වෙනවා

ජීවිතේ කියා හඬින්
සිනා සිසී හිදිනා
ඒ සිනා මා බොළඳ නෙතේ
උණු කදුළක් කරනු එපා

බෝධියේ විහාරයේ
පිදූ පියුම් වැනි වූ
බාලිකා ලොව මැලවුන දා
මුළු ලොවටම රෑ වෙනවා //

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇

0 comments:

Post a Comment