Bubulu Bubulu Jale Nagena Song Lyrics - බුබුළු බුබුළු ජලේ නැගෙන ගීතයේ පද පෙළ

Bubulu Bubulu Jale Nagena Song Lyrics - බුබුළු බුබුළු ජලේ නැගෙන ගීතයේ පද පෙළ
Song Title : Bubulu Bubulu Jale Nagena (බුබුළු බුබුළු ජලේ නැගෙන)
ගායනය : නොයෙලින් ලියනගේ
පද රචනය : නෙල්සන් පනාගොඩ
තනුව : තිලකසිරි ප්‍රනාන්දු


බුබුළු බුබුළු ජලේ නැගෙන
පබළු පබළු ලෙසින් දිලෙන ....//

මාලයකට අමුණාගෙන
ආසයි මට ගෙල බඳින්න ....//
බුබුළු බුබුළු ජලේ නැගෙන
පබළු පබළු ලෙසින් දිලෙන

අහසෙ දිලෙන රන් තරු කැට
දෙකක් ගෙනත් මා සුරතට ....//

ලොකු අක්කට තෝඩු වලට
දෙන්නෙමි කන පළඳින්නට ....//

බුබුළු බුබුළු ජලේ නැගෙන
පබළු පබළු ලෙසින් දිලෙන ....//

හඳ හාමිගෙ සුදු හාවා
සඳ කිරි වතුරෙන් නාවා ...//

මල් මල් කොට්ටයක හොවා
දොයිය කියා නළවනවා ...//

බුබුළු බුබුළු ජලේ නැගෙන
පබළු පබළු ලෙසින් දිලෙන ....//

මාලයකට අමුණාගෙන
ආසයි මට ගෙල බඳින්න ....//

බුබුළු බුබුළු ජලේ නැගෙන
පබළු පබළු ලෙසින් දිලෙන....////

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇

0 comments:

Post a Comment