Bello Muthu Bello Song Lyrics - බෙල්ලෝ මුතු බෙල්ලෝ ගීතයේ පද පෙළ

Bello Muthu Bello Song Lyrics - බෙල්ලෝ මුතු බෙල්ලෝ ගීතයේ පද පෙළ
Song Title : Bello Muthu Bello (බෙල්ලෝ මුතු බෙල්ලෝ)
ගායනය : ක්‍රිස්ටෝෆර් පෝල්
පද රචනය : බැසිල් එම්. සිල්වා
තනුව හා සංගීතය : වර්නන් පෙරේරා


බෙල්ලෝ මුතු බෙල්ලෝ
මෙන්න මං ගෙනාවා
එන්න ගන්න මේවා

බෙල්ලෝ මුතු බෙල්ලෝ අපි ගෝනි ගාණෙ ගත්තා
නංගී පොඩි මල්ලී අඩු ගාණෙ දෙන්න එනවා ....//

සිලිමට දෙන්නෙ දෙකයි
උණු කැවුම් වගේ විකිණෙයි
පරමාද වුනොත් ඉවරයි
වෙන ගන්න කෙනෙක් නැතිවෙයි ....//

ගන්න ගන්න මේවා
මෙන්න මං ගෙනාවා ...//

බෙල්ලෝ මුතු බෙල්ලෝ අපි ගෝනි ගාණෙ ගත්තා
නංගී පොඩි මල්ලී අඩු ගාණෙ දෙන්න එනවා
බෙල්ලෝ මුතු බෙල්ලෝ

අද වාසනාව ඇත්තේ
මුතු බෙල්ලො කැඩූ පොත්තේ
දෑවැද්ද දෙන්න දූගේ
හරි ජයට ගන්න දීගේ ...//

තෝර ගන්න මේවා
මෙන්න මං ගෙනාවා ...//

බෙල්ලෝ මුතු බෙල්ලෝ අපි ගෝනි ගාණෙ ගත්තා
නංගී පොඩි මල්ලී අඩු ගාණෙ දෙන්න එනවා
බෙල්ලෝ මුතු බෙල්ලෝ

අසරණ දුප්පත් කාටත්
වෙන්නට බැරි ඇයි පෝසත්
හැමදාම නෑ ලැබෙන්නේ
හරි කලාතුරිනි එන්නේ ...//

හොඳ මාලයක් හදන්න
මේ මුතු අරන් බලන්න ...//

බෙල්ලෝ මුතු බෙල්ලෝ අපි ගෝනි ගාණෙ ගත්තා
නංගී පොඩි මල්ලී අඩු ගාණෙ දෙන්න එනවා ...//
බෙල්ලෝ මුතු බෙල්ලෝ

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇

0 comments:

Post a Comment