Ahasin Tharuwak Song Lyrics - අහසින් තරුවක් ගීතයේ පද පෙළ

Ahasin Tharuwak Song Lyrics - අහසින් තරුවක් ගීතයේ පද පෙළ
Song Title : Ahasin Tharuwak (අහසින් තරුවක්)
ගායනය : මාලනී බුලත්සිංහල
සංගීතය : එච්. එම්. ජයවර්ධන
පද රචනය : ලූෂන් බුලත්සිංහල


අහසින් තරුවක් කඩා වැටෙනවා
තරුව කතා නැහැ අහසයි වැළපෙන්නේ
නටුවෙන් නෑඹුල් මලක් වැටෙනවා
මලේ කතා නැ සුළඟයි වැළපෙන්නේ

පෑහිමක් නැ නොකෙරෙන දීගේ
සෙවනැල්ලක් ඇද ලූ
දවල් වැටුනු වල මෙදා වැටුනේ රෑ
හිත හොද වැඩිකම ලූ

අහසින් තරුවක් කඩා වැටෙනවා
තරුව කතා නැහැ අහසයි වැළපෙන්නේ
නටුවෙන් නෑඹුල් මලක් වැටෙනවා
මලේ කතා නැ සුළඟයි වැළපෙන්නේ

මලෙන් උපන් මල් පත්තිනි දේවී
කැන්දන් එන නැකතේ
ඇස් කූඩෙන් මං වතුර අදින්නම්
ඔබේ මඟුල් දවසේ

අහසින් තරුවක් කඩා වැටෙනවා
තරුව කතා නැහැ අහසයි වැළපෙන්නේ
නටුවෙන් නෑඹුල් මලක් වැටෙනවා
මලේ කතා නැ සුළඟයි වැළපෙන්නේ

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇

0 comments:

Post a Comment