Dakina Vita Pansalak Song Lyrics - දකින විට පංසලක් ගීතයේ පද පෙළ

Dakina Vita Pansalak Song Lyrics - දකින විට පංසලක් ගීතයේ පද පෙළ
Song Title : Dakina Vita Pansalak (දකින විට පංසලක්)
ගායනය : මාලනී බුලත්සිංහල
පද රචනය : සුජීව කරුණාසේන


දකින විට පංසලක් පිළිමයක් බෝධියක්
හුනස්නෙන් නැගිටිමින් වදිනවා
හදේ නැති භක්තියක් වත පුරා තවරගෙන
අඩවන්ව නෙත් බරව බලනවා

ගැඹිනි මව් කෙනෙකු හෝ රෝගියෙකු දුටුකලෙක
කවුළුවෙන් අනන්තය සොයනවා...
අතෙහි රැදි පොත පතෙහි එකම පේලිය තුලම
නෙත් දහස් වාරයක් දුවනවා...

දකින විට පංසලක් පිළිමයක් බෝධියක්
හුනස්නෙන් නැගිටිමින් වදිනවා
හදේ නැති භක්තියක් වත පුරා තවරගෙන
අඩවන්ව නෙත් බරව බලනවා

වාරු නැති මහළු වත නෙතේ ගැටෙතැයි බියෙන්
දෙනෙත් යුග නිදිකිරා වැටෙනවා...
ලොවේ නැති දහසකුත් ගැටළු සිහියට නගා
අහසබිම ගැටලන්න හදනවා...

දකින විට පංසලක් පිළිමයක් බෝධියක්
හුනස්නෙන් නැගිටිමින් වදිනවා
හදේ නැති භක්තියක් වත පුරා තවරගෙන
අඩවන්ව නෙත් බරව බලනවා

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇

0 comments:

Post a Comment