Himi Sanaramara Song Lyrics - හිමි සණරාමර ගීතයේ පද පෙළ

Himi Sanaramara Song Lyrics - හිමි සණරාමර ගීතයේ පද පෙළ
Song Title : Himi Sanaramara (හිමි සණරාමර)
ගායනය : මාලනී බුලත්සිංහල
සංගීතය : එච්.එම්. ජයවර්ධන
ගී පද : රඹුකන සිද්ධාර්ත හිමි


හිමි සණරාමර ලෝක සිවංකර
ලොව්තුරු බුදු සමිඳේ
මා හද මැලවෙන මල් දෝතට ගෙන
පාද වඳිමි නිබඳේ
පාද වඳිමි නිබඳේ

හිමි ගුණ ආකර ලෝක දිවාකර
ලොව්තුරු බුදු සමිඳේ
හිත දුක වාවන බුදු බණ පදයක
මිහිර දකිමි නිබඳේ
මිහිර දකිමි නිබඳේ

හිමි දම් ආකර ගුණ මිණි සාගර
ලොව්තුරු බුදු සමිඳේ
හිත සුවදායක බුදු ගුණ ගීයක
රසය විඳිමි නිබඳේ
රසය විඳිමි නිබඳේ

හිමි සණරාමර ලෝක සිවංකර
ලොව්තුරු බුදු සමිඳේ
මා හද මැලවෙන මල් දෝතට ගෙන
පාද වඳිමි නිබඳේ
පාද වඳිමි නිබඳේ

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇

0 comments:

Post a Comment