Ada Hawasata Ma Song Lyrics - අද හවසට මා ගීතයේ පද පෙළ

Ada Hawasata Ma Song Lyrics - අද හවසට මා ගීතයේ පද පෙළ
Song Title : Ada Hawasata Ma (අද හවසට මා)
ගායනය : සුජාතා අත්තනායක
ගී පද : කේ. ඩී. කේ. ධර්මවර්ධන
තනුව සහ සංගීතය : ස්ටැන්ලි පීරිස්


අද හවසට මා හමු වනු මැනවී
රැඟුම් බලන්නට කලාගාරයේ
මගෙ මේ ඇරයුම ඉවත නොලා
මගෙ මේ ඇරයුම ඉවත නොලා...

නර්තන රංගන සිතුවම් එනවා
ඔබ එහි රස විඳිනට මැළිවෙනවා
එක දවසක් හෝ ඔබ මා සමගින්
රැඟුම් බලන්නට යන්නට එනු මැන...

කෙල්ලක සතු නිදහස සීමාවෙයි
සිතු සේ දිව ඇවිදින්නට බැරිවෙයි
එහෙයින් නාවත් ඇරයුම පිළිගෙන
රැඟුම් බලන්නට හවසට එනු මැන...

අද හවසට මා හමු වනු මැනවී
රැඟුම් බලන්නට කලාගාරයේ
මගෙ මේ ඇරයුම ඉවත නොලා
මගෙ මේ ඇරයුම ඉවත නොලා..

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇

0 comments:

Post a Comment