උඩු රැවුලක් සහිත රාජකීය කුමාරිකාවගේ සත්‍ය කතාව (Zahra Khanom Taj Saltaneh)

උඩු රැවුලක් සහිත රාජකීය කුමාරිකාවගේ සත්‍ය කතාව (Zahra Khanom Taj Saltaneh) - Your Choice Way
සහරා ඛනොම් ටාජ් සල්තානේහ් (Zahra Khanom Taj Saltaneh) යනු 1848 සිට 1896 දක්වා පර්සියාවේ රජකළ රජුගේ දියණියයි. ඇයගේ පෙනුම සහ ඇඳුම් පැළඳුම් පිළිබඳ බොහෝ තොරතුරු අන්තර්ජාලයේ මේ දිනවල ඉතා ප්‍රසිද්ධ වේ. ඒවායින් බොහොමයක් ඉතිහාසය පිළිබද කිසිදු හැදෑරීමකින් තොරව හුදෙක් විනෝදය සදහා පමණක් නිර්මාණය කරන ලද හාස්‍යජනක ඒවාය. එහෙත් එතරම් ප්‍රසිද්ධ නැති කාරණය නම් ඇය කාන්තා අයිතිවාසිකම් සහ අධ්‍යාපනය සඳහා කැපවූ විප්ලවවාදී ක්‍රියාකාරිනියක් වූ වගයි. 

මුලින්ම මේ දිනවල ඇයගේ නම ලෙස පළවන්නේ "ඛාජාර්" ලෙසය. එය නිවැරදි නොවන අතර ඛජාර් යනු ඇයගේ වංශයයි. ටාජ් සල්තානේ කුමරිය ඉතා බුද්ධිමත් කාන්තාවක් ලෙස සලකනු ලැබීය. 

ඇය ඉරානයේ කාන්තා අයිතිවාසිකම් පිළිබඳ පුරෝගාමියෙකු වූ අතර කාන්තා නිදහස පිළිබඳ සංගමයේ නිර්මාතෘවරියද වූවාය. එය 1910 දී ඉරානයේ පැවති රහසිගත කාන්තා අයිතිවාසිකම් ව්‍යාපාරයක් විය.

ටාජ් සල්තානේ රහසිගතව මෙම රැස්වීම්වලට නායකත්වය ලබා දෙන ලදී. එකල කාන්තාවන්ගේ අයිතිවාසිකම් වෙනුවෙන් පෙනී සිටීම එම රටේ තහනම් දෙයක් විය. එම නිසා ඇය තම දරුවන්ට සහ මුණුබුරන්ට “ආගමික සැසිවාරවලට” සහභාගී වන බව බොරු කියා මෙම රැස්වීම් වලට සහභාගි වූ බව කියැවේ.

ඇය හිජාබය වෙනුවට බටහිර ඇදුම් කාන්තාවන්ට ඇදීමට අයිතිය ලබා ගැනීමට සටන් කිරීම, රාජාණ්ඩුව විවේචනය කිරීම, දරිද්‍රතාවය, මහජනතාවට අධ්‍යාපනය නොලැබීම සහ කාන්තාවන්ගේ අයිතිවාසිකම් ඇතුළු ඉරානයේ බොහෝ ගැටලුවලට එරෙහිව ප්‍රසිද්ධියේ හඩ නැගීම, රාජකීය පවුල තුළ තම ස්වාමිපුරුෂයා දික්කසාද කිරීමට නොහැකි වන සේ පනවා තිබූ නීතිය නැති කිරීම ආදී සටන්කාමී පියවරයන් විශාල සංඛ්‍යාවක් සිදු කරන ලදී. එම කාලය තුළ මේවාට විරුද්ධව සටන් කිරීම ඉතා අවදානම් සහගත කටයුත්තක් විය.

එකල තිබූ අධ්‍යාපන ක්‍රමයේ කාන්තාවන්ට තැනක් තිබුණේ නැත. එවැනි බාධක මධ්‍යයේ වුවද ඇය සිය ජීවිතය ලිවීම, කියවීම සහ කාන්තාවන්ගේ අයිතිවාසිකම් පිළිබඳ දැනුවත් කිරීම සඳහා කැප කළාය.

ඇය තම ළමා විය ගෙවන ලද්දේ අන් සියලු රාජ කුමාරිකාවන් මෙන් සැප පහසුවටය. එහෙත් 1893 දී, ඇයට වයස අවුරුදු නවයේදී ඇගේ විවාහය වයස අවුරුදු එකොළහක් හෝ දොළහක් පමණ වූ මනාලයෙකු සමඟ සිදු විය. ඇගේ ස්වයං චරිතාපදානයේදී ඇය විසින් රාජකීය කාන්තාවන්ගේ සියලු විවාහයන් ‘වෙළඳාමක්’ පමණක් බව පෙන්වා දෙයි. වර්තමානයේ අන්තර්ජාලයේ පළවන බොහෝ දේ වලින් පෙන්නුම් කරන්නේ ඇය අත ගැනීමට පැමිණි බොහෝ පිරිමින් ඇය අකමැති වූ නිසා සියදිවි නසා ගත් බවය. එහෙත් සත්‍ය නම් ඇයව විවාහ කර දී ඇත්තේ ඇයටත් නොතේරෙන කුඩා වයසකදී වීමයි.

වර්තමානයේ ඇය පිළිබද නොයෙක් හාස්‍යජනක දේවල් අන්තර්ජාලයේ පිරී පවතී. බොහෝ දෙනෙක් ඇයගේ උඩු රැවුල හාස්‍යයට ලක් කරන අතර ඔවුන් නොදන්නා දෙය නම් එකල උඩු රැවුල යාන්තමින් වැවීම පර්සියානු කාන්තාවන් අතර විලාසිතාවක් වූ බවයි.

කාසදයෙන් පසු ඇයට නිදහස හිමි වෙතයි සිතුවත් එය එසේ නොවීය. ඒ හේතුව නිසා ඇය 1907 දී දික්කසාද වූ බව කියැවේ. ඇගේ දිනපොත්වල 1914 වන තෙක් ඇය දැඩි මානසික අවපීඩනයෙන් පෙළෙන ජීවිතයක් ගත කළ බව කියැවේ. ඇය 1936 දී ටෙහෙරානයේදී මිය ගියාය....විශ්මිත ඉතිහාසය
උඩු රැවුලක් සහිත රාජකීය කුමාරිකාවගේ සත්‍ය කතාව (Zahra Khanom Taj Saltaneh) - Your Choice Way
ඇයගේ දිනපොත

පහල තියෙන්නේ හාවර්ඩ් විශ්වවිද්‍යාලයේ ඛජාර් කාන්තාවන්ගේ ඡායාරූප එකතුවේ තිබෙන ඇයගේ පින්තූර ටිකක්
උඩු රැවුලක් සහිත රාජකීය කුමාරිකාවගේ සත්‍ය කතාව (Zahra Khanom Taj Saltaneh) - Your Choice Way

උඩු රැවුලක් සහිත රාජකීය කුමාරිකාවගේ සත්‍ය කතාව (Zahra Khanom Taj Saltaneh) - Your Choice Way

උඩු රැවුලක් සහිත රාජකීය කුමාරිකාවගේ සත්‍ය කතාව (Zahra Khanom Taj Saltaneh) - Your Choice Way
👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
උපුටා ගැනීමකි...

0 comments:

Post a Comment