මියගිය තරුණයා අඩ නිරුවතින් සාක්ෂියට පැමිනෙයි (Death Man)

මියගිය තරුණයා අඩ නිරුවතින් සාක්ෂියට පැමිනෙයි (Death Man) - Your Choice Way
මේ කියන සිදුවීම සිදුවුනේ 1985 වර්ෂයේ.එවට ලංකාවේ තිබුණේ ඉතාම ඛේදනීය තත්ත්වයක්.ජාතිවාදී ගැටුම් වගෙම ජ.වි.පෙ ක්‍රියාකාරීන් නිසා කැරැල්ලක් ද ඇති වී තිබුණ.මේ සිදුවීම ට මුහුණ දුන්නේ අද විශ්‍රාම සුවයෙන් කල්ගෙන පොලිස් නිලධාරී මහතෙක්.එයාලට ඒකාලේ රාජකාරි කරන්න සිදුවෙලා තිබුණේ ඉතාම අප්‍රසන්න සහ වේදානාකාරී පරිසරයක.

ටයර් වල දාල පිලිස්සුව තරුණ තරුණියන් ගේ මලසිරුර හන්දියක් ගානේ දක්නට ලැබුන.මේව පිළිබඳව සොයා බලන්න මේ නිලධාරීන් ට සිදුවුණා.කැළණි ගගේ මිනි පාවෙනවා ඒව බලන්නෙත් මේ නිලධාරීන් ම තමා.

මේ කියන නිලධාරීය එවකට වැඩ කලේ කොළඹ නගරයේ පොලිස් ස්ථානයක.ස්ථානය කියන්න බැරි මේ සිදුවීම ට අදාළ ඇතැම් අය අදත් ඉන්න නිසයි.

මේ කියන දවසේ මේ නිලධාරීයා රාජකාරි කරල තියෙන්නේ රාත්‍රී වැඩමුරයේ.වෙලාව රාත්‍රී දොළහ පසුවෙලාලු.අලුයම එකට ආසන්න වෙලාවක්ලු.ජීප් රිය එලවල තියෙන්නේ මේ නිලධාරීය.

එයා දැකල තියෙනවා යටිකයට ඇදුමක් නැති තරුණයෙක් ප්‍රධාන පාරෙන් හැරිල අතුරු පාරකට පිවිසෙනව.ඒ කාලේ සිදුවන දේවල් දන්න නිසා මේ නිලධාරිය වාහනය නතර කරල තව එක් නිලධාරීයෙක් එක්ක අර තරුණයා පිටුපස ගිහින් තියෙනවා.ඒත් මගක් දුරට ගියහම එසේ ගිය කිසිවෙක් දක්නට ලැබිල නැහැ.කොළඹ වතු මැද්දේ තියෙන්නේ ඉතාම පටු වංගු සහිත පාරවල් නිසා මෙයාල හිතල තියෙන්නේ මගහැරිල කියලයි.ඒ නිසා තවතවත් ඇතුළට ඇවිදල තියෙනවා මේ කෙනාව සොයාගන්න.මේ වෙලාවේ ⁣නිලධාරින් දෙන්න ම ඉදල තියෙන්නේ එකට.එයාල දැකල තියෙනවා වත්ත සීමා වන ඇල ඉව්රේ එකට ගොඩ ගහල තියෙන ගෝනි ගොඩක් වැනි යමක්.

එතන තිබිල තියෙන්නේ නිරුවත් කරල මරාදැමූ තරුණ මල සිරුරු ඒව එක පොදියට තියල පුලුස්සල තිබිල තියෙන්නේ.ඒ කිසිවෙක් නැගිටල ඇවිදින මට්ටමේ ඉදල නැහැ.එහෙනම් නිලධාරී ඉදිරියේ ඇවිද ගියේ කව්ද.

නිලධාරීය පිළිතුරු දුන්නේ මෙහෙමයි... මං හිතන්නේ ඒ මියගිය තරුණයෙක් තමා සාක්ෂි දෙන්න අපව සොයන් එන්න ඇත්තේ.

උපුටා ගැනීමකි .සියලුම හිමිකම් මුල් රචකයා සතුයි
👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇

0 comments:

Post a Comment