Yowun Seena Loke Song Lyrics - යොවුන් සීන ලෝකේ ගීතයේ පද පෙළ

Yowun Seena Loke Song Lyrics - යොවුන් සීන ලෝකේ ගීතයේ පද පෙළ
Song Title : Yowun Seena Loke (යොවුන් සීන ලෝකේ)
ගායනය : මරියසෙල් ගුණතිලක
සංගීතය : ක්ලැරන්ස් විජේවර්ධන
ගී පද : වර්නන් පෙරේරා


යොවුන් සීන ලෝකේ
සොවින් ඇයි තැවෙන්නේ
මා හා සිනාසෙන්න ගීයක් ගයා
ළං වී බැඳී ඉන්න මා හා ඔයා //
යොවුන් සීන ලෝකේ
යොවුන් සීන ලෝකේ දිහා

සෝදුක් තැවුල් ආදරේ නෑ සිතේ
මාගේ ලොවේ ගීතයයි ජිවිතේ
ඒ වන් ලොවේ  එන්න මා හා බැඳී
ඔබගේ සවන් දෝත පාලා

යොවුන් සීන ලෝකේ
සොවින් ඇයි තැවෙන්නේ
මා හා සිනාසෙන්න ගීයක් ගයා
ළං වී බැඳී ඉන්න මා හා ඔයා
යොවුන් සීන ලෝකේ
යොවුන් සීන ලෝකේ දිහා

අහසේ වලාවේ නැගී පාවෙමූ
මුහුදේ තරංගා දියේ නෑවෙමූ
රෑ හෝ දිවා ජීවිතේ මල් වියේ
අත්වැල් බැඳන් එන්න මා හා

යොවුන් සීන ලෝකේ
සොවින් ඇයි තැවෙන්නේ
මා හා සිනාසෙන්න ගීයක් ගයා
ළං වී බැඳී ඉන්න මා හා ඔයා //
යොවුන් සීන ලෝකේ
යොවුන් සීන ලෝකේ දිහා

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇

0 comments:

Post a Comment