Werale Muhudu Walle Song Lyrics - වෙරළේ මුහුදු වැල්ලේ ගීතයේ පද පෙළ

Werale Muhudu Walle Song Lyrics - වෙරළේ මුහුදු වැල්ලේ ගීතයේ පද පෙළ
Song Title : Werale Muhudu Walle (වෙරළේ මුහුදු වැල්ලේ)
ගායනය : ප්‍රියන්ත ප්‍රනාන්දු
සංගීතය : සරත් ද අල්විස්
ගී පද : අජන්තා රණසිංහ


වෙරළේ මුහුදු වැල්ලේ
කන්දේ ඈත නිල්ලේ
පොඩි ළමයි අතින් අත අල්ලා දුවන්නා
ළමයින් රංචු අතරේ ඉන්නා පුංචි ළමයා
ඒ මමයි කියා ඉබේ මටත් හිතෙන්නා //
හැඩ වැඩ දා ඇවිදිනවා
පොඩි කාලේ මං වාගේ

එහේ මෙහේ දුවන්නේ
එයා හරිම දඟයිනේ
දාංගලේ මං පොඩි දා වගේනේ
කහ‍ට බින්දු වැටීලා
කමිස පොඩිය ඉරීලා
ගනිච්චියක් ඒත් හිතට නොගන්නේ
හැඩ වැඩ දා ඇවිදිනවා
පොඩි කාලේ මං වාගේ

මගේ වගේ පුංචි දා
තෙල් ගා හිස පීරලා
ඒත් ආයෙ කොණ්ඩෙ අවුල් වෙලානේ
ළමා ලපටි කල්ලියේ
මා වගේම මල්ලියේ
ඔයා මමයි මට තාමත් හිතෙන්නේ
හැඩ වැඩ දා ඇවිදිනවා
පොඩි කාලේ මං වාගේ

වෙරළේ මුහුදු වැල්ලේ
කන්දේ ඈත නිල්ලේ
පොඩි ළමයි අතින් අත අල්ලා දුවන්නා
ළමයින් රංචු අතරේ ඉන්නා පුංචි ළමයා
ඒ මමයි කියා ඉබේ මටත් හිතෙන්නා
හැඩ වැඩ දා ඇවිදිනවා
පොඩි කාලේ මං වාගේ

හැඩ වැඩ දා ඇවිදිනවා
පොඩි කාලේ මං වාගේ

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇

0 comments:

Post a Comment