Kasi Athamite Song Lyrics - කාසි අතමිටේ ගීතයේ පද පෙළ

Kasi Athamite Song Lyrics - කාසි අතමිටේ ගීතයේ පද පෙළ
Song Title : Kasi Athamite (කාසි අතමිටේ)
ගායනය : වොලී බැස්ටියන්ස්
පද : වොලී බැස්ටියන්ස්
සංගීත නිර්මාණය : වොලී බැස්ටියන්ස


කාසි අතමිටේ ඉඩකඩම් රට තොටේ
වාසි ඇති විටේ මිතුරෝ සිටිති අප වටේ
වාසි ඇති විටේ මිතුරෝ සිටිති අප වටේ
කාසි අතමිටේ ඉඩකඩම් රට තොටේ

බඹරා මල් පුබුදා රොන් අරගන්නේ
මොණරා පිල් විහිදා ලස්සණට නටන්නේ
ගසක ඵල ඇතිදා වවුලන් පොරකන්නේ
එහි ගෙඩි නැති වූ දා උන් පියඹා යන්නේ

දුෂ්ඨ  බස් කියා උන් බනී මෝඩයා
පාපිෂ්ට මිත්‍රයා විසගෝර සර්පයා
පාපිෂ්ට මිත්‍රයා විසගෝර සර්පයා
දුෂ්ඨ  බස් කියා නිතර බනී මෝඩයා

ගොඩින් නැව නොයයි එ් වගෙ රියත් දියෙ නොයයි
දුදන ගති මෙයයි කිසිවිට හොඳක් නොම කරයි
දුදන ගති මෙයයි කිසිවිට හොඳක් නොම කරයි
ගොඩින් නැව නොයයි එ් වගෙ රියත් දියෙ නොයයි

බඹරා මල් පුබුදා රොන් අරගන්නේ
මොණරා පිල් විහිදා ලස්සණට නටන්නේ
ගසක ඵල ඇතිදා වවුලන් පොරකන්නේ
එහි ගෙඩි නැති වූ දා උන් පියඹා යන්නේ

මිතුරා පමණකී කළ හොඳ නොහොඳ දන්නෙකී
හතුරා නපුරෙකී එය සේවනය විපතකී
හතුරා නපුරෙකී එය සේවනය විපතකී
මිතුරා පමණකී කළ හොඳ නොහොඳ දන්නෙකී

යුතුකම දන්න දුක සැප දෙකටම ඉන්න
මිතුරෙකි අන්න කාටත් ඇසුරු කරන්න
මිතුරෙකි අන්න කාටත් ඇසුරු කරන්න
යුතුකම දන්න දුක සැප දෙකටම ඉන්න

බඹරා මල් පුබුදා රොන් අරගන්නේ
මොණරා පිල් විහිදා ලස්සණට නටන්නේ
ගසක ඵල ඇතිදා වවුලන් පොරකන්නේ
එහි ගෙඩි නැති වූ දා උන් පියඹා යන්නේ

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇

0 comments:

Post a Comment