Santhapa Thewul Nam Song Lyrics - සංතාප තැවුල්නම් ගීතයේ පද පෙළ

Santhapa Thewul Nam Song Lyrics - සංතාප තැවුල්නම් ගීතයේ පද පෙළ
Song Title : Santhapa Thewul Nam (සංතාප තැවුල්නම්)
ගායනය : ඉන්දික රුවන් (රූනි)
සංගීතය : චින්තක ජයකොඩි
පද රචනය : රනුක ජීවන්ත


සංතාප තැවුල්නම් - මං වින්දා ජීවිතේ..
පින්තාරු හාදකම් - තනිකළා ආදරේ..
හැන්දෑව ඉඩෝරේ - ගිලිහුණා කඳුලකින්..
ගිම්හාන කවුළුවෙන් - ඉගිලුනා ඔබ මගෙන්..

එදා සොඳුරු - හිතැත්තී..
වුණා කඳුළු - දනන්නී..
නුරා ආල - පුරන්නී..
මගේ දුඹුරු ළමිස්සී..//

තරු රෑක ගිමන්හල් - තනිකමේ වරු ගණන්
උඳුරන්න බැරි තරම් - ආදරේ මහමෙරක්
හැමදාම හඬන ඇස් - පේවෙලා නුඹෙ නමින්
හදවතේ ගැඹුරු තැන් - මියැදේවි තත්පරෙන්..

එදා සොඳුරු - හිතැත්තී..
වුණා කඳුළු - දනන්නී..
නුරා ආල - පුරන්නී..
මගේ දුඹුරු ළමිස්සී..//

කවිකාර මතකයන් - නොදොඩාවි හෙට ඉදන්
තනි පාළු අඳුරකින් - නවතින්න මට වරම්
ඉඳුරාම වෙනස්කම් - ඉවසන්න හුරුකරන්
නොකියාම ජීවිතෙන් - බොඳවුණා නුඹෙ සුසුම්..

එදා සොඳුරු - හිතැත්තී..
වුණා කඳුළු - දනන්නී..
නුරා ආල - පුරන්නී..
මගේ දුඹුරු ළමිස්සී..//

සංතාප තැවුල් නම්...

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇

0 comments:

Post a Comment