Mage Gitare Aragena Wayu Song Lyrics - මගේ ගිටාරේ අරගෙන වැයූ ගීතයේ පද පෙළ

Mage Gitare Aragena Wayu Song Lyrics - මගේ ගිටාරේ අරගෙන වැයූ ගීතයේ පද පෙළ
Song Title : Mage Gitare Aragena Wayu (මගේ ගිටාරේ අරගෙන වැයූ)
ගායනය : ඉන්දික රුවන් (රූනි)
පද රචනය : චරිත දිසානායක
සංගීතය : දර්ශන රුවන් දිසානායක

මගේ ගිටාරේ අරගෙන වැයූ - එක ආදර තනුවක එතී
ඒ ලස්සන නිල් ඇස් දෙක - ඇවිදින් අද මගෙ තුරුලට
ඒ ලස්සන ඇස් දෙක සිත්තම් කල රූ රෝමේ පුරා තිබුනා
මෝශඩ්ගේ බීතෝවන්ගේ සිම්ෆොනි ඔපෙරා අතර ඇයත් සිටියා..

අන්තොනෙල්ලා මම දකින්නේ ආදර හීනයක්..
නියන්ඩතා මිටියාවතේ ඉස්සර මා පැතූ..
ඒ ගිටාරේ වැයෙන්නෙ අපේම කතන්දරේ..
ඒ ලස්සන ඇස් දෙක සිත්තම් කල රූ රෝමේ පුරා තිබුනා
මෝශඩ්ගේ බීතෝවන්ගේ සිම්ෆොනි ඔපෙරා අතර ඇයත් සිටියා

මගේ ගිටාරේ අරගෙන...

අන්තොනෙල්ලා මම දකින්නේ කවද්ද ආයෙමත්..
ඔබෙ තුරුල්ලේ නිදන්න ගයන්න වයන්න ආදරෙන්..
මේ ගිටාරේ වැයෙන්නෙ අපේම කතන්දරේ..
ඒ ලස්සන ඇස් දෙක සිත්තම් කල රූ රෝමේ පුරා තිබුනා
මෝශඩ්ගේ බීතෝවන්ගේ සිම්ෆොනි ඔපෙරා අතර ඇයත් සිටියා

මගේ ගිටාරේ අරගෙන...

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇

0 comments:

Post a Comment