Premaya Lowa Hamathanama Athi Song Lyrics - ප්‍රේමය ලොව හැම තැනම ඇතී ගීතයේ පද පෙළ

Premaya Lowa Hamathanama Athi Song Lyrics - ප්‍රේමය ලොව හැම තැනම ඇතී ගීතයේ පද පෙළ
Song Title : Premaya Lowa Hamathanama Athi (ප්‍රේමය ලොව හැම තැනම ඇතී)
Singing : Chandana Liyanarachchi (චන්දන ලියනාරච්චි මහත්මා)


ප්‍රේමය ලොව හැම තැනම ඇතී
හැමදෙනටම හමුවෙලා ඇතී
එනමුදු ප්‍රේමය කිමැයි කියා
හඳුනාගත් කිසි කෙනෙකු නැතී

ප්‍රේමය ලොව හැම තැනම ඇතී
හැමදෙනටම හමුවෙලා ඇතී
එනමුදු ප්‍රේමය කිමැයි කියා
හඳුනාගත් කිසි කෙනෙකු නැතී

විල්තෙර දියයට දියඹුන් නගනා
ප්‍රේමයෙ දිය උල්පත නිසලයි
සියපත විල මත පිබිදෙන මුත් යස
උල්පත හැමදාමත් නිසලයි
ප්‍රේමය හැමදාමත් නිසලයි

ප්‍රේමය ලොව හැම තැනම ඇතී
හැමදෙනටම හමුවෙලා ඇතී
එනමුදු ප්‍රේමය කිමැයි කියා
හඳුනාගත් කිසි කෙනෙකු නැතී

සුවිසල් රුක් ගොමු දෙරණට රදවන
ප්‍රේමය මුල් පස යට සැගවී
නං පල මල් දළු පුබුදනමුත් ගස
මුල් රැස කිසි කෙනෙකුට නොපෙනෙයි
ප්‍රේමය කිසි කෙනෙකුට නොපෙනෙයි. .

ප්‍රේමය ලොව හැම තැනම ඇතී…

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇

0 comments:

Post a Comment