Sandu Ha Me Song Lyrics - සඳු හා මේ ගීතයේ පද පෙළ

Sandu Ha Me Song Lyrics - සඳු හා මේ ගීතයේ පද පෙළ
Song Title : Sandu Ha Me (සඳු හා මේ)
Singing : Chandana Liyanarachchi (චන්දන ලියනාරච්චි මහත්මා)


සඳු හා මේ රාත්‍රි යාමේ
මුමුණන්නේ පෙර කී කතා
සඳු හා තරු මල් දිලේවී
නිල් අහසේ පීදිලා
සිහිනේ මා වෙලී
පෙනුනාදෝ යලි

සඳු හා මේ රාත්‍රි යාමේ
මුමුණන්නේ පෙර කී කතා
සඳු හා තරු මල් දිලේවී
නිල් අහසේ පීදිලා
සිහිනේ මා වෙලී
පෙනුනාදෝ යලි

සඳකැන් පෙරා දුන් නිශා යාමයේ
සිතුවම් ගෙනාවේ අපේ ආදරේ
පිපි මල් වසන්තේ විහඟුන් ගෙනෙන්නේ
සැලෙනා පවන් රැල්ල ස්නේහේ කතා
සඳු හා

මතකේ රැදේවී ඇගෙ මල් සිනා
පායාවී දැසේ රුවන් තාරකා
විසිරී ගියාදෝ නොපැතූ විලාසේ
සැමදා හදේහී ඔබේ ආදරේ

සඳු හා මේ රාත්‍රි යාමේ
මුමුණන්නේ පෙර කී කතා
සඳු හා තරු මල් දිලේවී
නිල් අහසේ පීදිලා
සිහිනේ මා වෙලී
පෙනුනාදෝ යලි

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇

0 comments:

Post a Comment