Ratak Watinawa Mage Mawpiyo Denna Song Lyrics - රටක් වටිනවා මගෙ මව්පියො දෙන්නා ගීතයේ පද පෙළ

Ratak Watinawa Mage Mawpiyo Denna Song Lyrics - රටක් වටිනවා මගෙ මව්පියො දෙන්නා ගීතයේ පද පෙළ
Song Title : Ratak Watinawa Mage Mawpiyo Denna (රටක් වටිනවා මගෙ මව්පියො දෙන්නා)
ගායනය : වොලී බැස්ටියන්
සංගීතය : වොලී බැස්ටියන්
පද : වොලී බැස්ටියන්
පසු ගායනය : මැක්ස්වෙල් මෙන්ඩිස්


රටක් වටිනවා මගෙ මව්පියො දෙන්නා
මලක් සේම දැඩිකරලා මට සැප දුන්නා
මම කල පවු කියලා දෙපා ළඟ දණ ගහලා
දැඩිකල මවුට වඳිනවා
මම කල පවු කියලා දෙපා ළඟ දණ ගහලා
දැඩිකල මවුට වඳිනවා

දුකට සැපට පිහිට අපට වෙනව මෑණියෝ
දැක දැක මව් නොසලකන්නෙ රටේ මෝඩයෝ
දස මස කුසෙහි දරා ලේ කිරි කර පොවලා
දැඩිකල මගේ මෑණියෝ
දස මස කුසෙහි දරා ලේ කිරි කර පොවලා
දැඩිකල මගේ මෑණියෝ

දෑත දෙපය නොකඩා දැඩි කරපු අම්මට
දෝත නගා වඳිනව මම මගේ අම්මට
ලෙඩ දුක දෙක බැලුවා දිවා රෑ නිදිමැරුවා
මෙලොව දෙවියො මගේ මෑණියෝ
ලෙඩ දුක දෙක බැලුවා දිවා රෑ නිදිමැරුවා
මෙලොව දෙවියො මගේ මෑණියෝ

මව් වගෙ තව කෙනෙක් ඇත්ද මේ මනු ලෝකේ
මව් නැතිදා තේරේවී මව් නැති සෝකේ
නලවා බබෝ කියා බැලුවා නෙත නොපියා
සිහිවේ මව් මරණ මංචකේ
නලවා බබෝ කියා බැලුවා නෙත නොපියා
සිහිවේ මව් මරණ මංචකේ

කැලේ සිටින මුර්ගය ආදරෙයි පැටියට
යක්ෂයා වගේ සමහර පුතු රවයි අම්මට
බස් නොව බොරු මිතුරා ඇස් දෙක යයි පුපුරා
සත්තම්ඇයි නුඹේ අම්මට
බස් නොව බොරු මිතුරා ඇස් දෙක යයි පුපුරා
සත්තම්ඇයි නුඹේ අම්මට

ආදරය කරන කරන කෙල්ලට නම් පුදයි ජීවිතේ
පව් නේද මව්ට කුස්සියෙ වැඩ ඉවරයක් නැතේ
මෝඩකම් අත්හැරලා මෙ වදන් සිතට අරං
සලකන්න මව්ගෙ ජීවිතේ
මෝඩකම් අත්හැරලා මෙ වදන් සිතට අරං
සලකන්න මව්ගෙ ජීවිතේ

මරුව ඇවිත් දඟලන කල පණ ගෙනයන්න
බේරගන්න බැරි තැන අඬගසති අම්මට
දරුවා වරෙන් කියා මරුවා අඬගහනව
පුතාගෙ සැර එවෙලෙට ඉවරයි
දරුවා වරෙන් කියා මරුවා අඬගහනව
දුවාගෙ සැර එවෙලෙට ඉවරයි

රටක් වටිනවා මගෙ මව්පියො දෙන්නා
මලක් සේම දැඩිකරලා මට සැප දුන්නා
මම කල පවු කියලා දෙපා ළඟ දණ ගහලා
දැඩිකල මවුට වඳිනවා
මම කල පවු කියලා දෙපා ළඟ දණ ගහලා
දැඩිකල මවුට වඳිනවා

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇

0 comments:

Post a Comment