Suranganawi Song Lyrics - සුරංගනාවි ගීතයේ පද පෙළ

Suranganawi Song Lyrics - සුරංගනාවි ගීතයේ පද පෙළ
Song Title : Suranganawi (සුරංගනාවි)
ගායනය : වොලී බැස්ටියන්ස්
පද : වොලී බැස්ටියන්ස්
සංගීත නිර්මාණය : වොලී බැස්ටියන්ස්


යන්නෙ ඔබ කොයිබද මේ ඇඳිරියේ
ඇයි නොකියන්නෙ ප්‍රේමියේ
රූපේ කෙටුණා මගෙ හර්දයේ
ඔබේ සුරංගනාවියේ

යමුද මල් උයනක මල් නෙළන්න
නෙළ නෙළ ගීත ගයන්න
ලක්ෂණ මල් මාලය ගොතන්න
ප්‍රේමීගෙ ගෙලේ දමන්න

එන්න එන්න මගේ පැලට එන්න
දෙන්න දෙන්න ආදරේ ඔබගෙ දෙන්න
එන්න සනසන්න ආලය නොකඩන්න
සුරංගනාවියේ

අතු පැලක වසනා දුගියෙක් වෙති
රන් රිදි නැත දියමන්තී
ඔබේ ආලෙ දුන්නොත් මට නම් ඇති
මාගේ ලක්ෂණවන්තී

ළිඳට ගොහින් එන වේලේ දවාලේ
උකුළේ තබාගෙන කළේ
මිහිරියාවකි ඔබ නම් දෙවේලේ
ගම්මානේ මාගෙ කඳුකරේ

එන්න එන්න මගේ පැලට එන්න
දෙන්න දෙන්න ආදරේ ඔබගෙ දෙන්න
එන්න සනසන්න ආලය නොකඩන්න
සුරංගනාවියේ

දුප්පත් ගම්මානෙ එළිය කරන්න
සිතේ අඳුර මඟහරවන්න
සඳපානේ මිදුලේ කවි කියන්න
මගේ පැලට කැමතිද එන්න ....//

එන්න එන්න මගේ පැලට එන්න
දෙන්න දෙන්න ආදරේ ඔබගෙ දෙන්න
එන්න සනසන්න ආලය නොකඩන්න
සුරංගනාවියේ

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇

0 comments:

Post a Comment