පොටෙටෝ නගට්ස් 🥔🥔🥔 (Potato Nuggets)

පොටෙටෝ නගට්ස් 🥔🥔🥔 (Potato Nuggets) - Your Choice Way
අද ඔයාලට අරගෙන ආවේ හරිම රස Tea time එකට ගැළපෙන Potato Nuggets. මේක හදන්නත් හරිම ලේසි. අපි බලමු Potato Nuggets හදන්න අවශ්‍ය මොනවද කියලා.

✅ අවශ්‍ය ද්‍රව්‍ය :

  • 🥔 අල 250g
  • 🥔 පාන් කුඩු 3 tbsp
  • 🥔 කොන් පිටි 2 tbsp
  • 🥔 සුදු ළූණු බික් 2ක් (චොප් කර ගත්)
  • 🥔 චීස් කෑලි 2
  • 🥔 කැලි මිරිස් 1  tsp
  • 🥔 ගම්මිරිස් කුඩු ½ tsp
  • 🥔 මිරිස් කුඩු ½ tsp
  • 🥔 ලුණු 

✅ සාදා ගන්නා ආකාරය :

  1. මුලින්ම තම්බා පොඩි කර ගත් අල මිශ්‍රනයට අනෙක් සියලු ද්‍රව්‍ය දමා හොදින් කලවම් කරන්න. (ලුණු එකතු කරන විට සැලකිලිමත් වෙන්න චීස්වලත් ලුණු තියෙන නිසා)
  2. දැන් එම හදාගත් මිශ්‍රනයෙන් කොටස කොටස ගෙන තමන් කැමති ප්‍රමාණයේ බෝල හාදාගන්න. (පින්තුරයේ ආකාරයට හදාගන්න)

✅ බැටර් එකට අවශ්‍ය ද්‍රව්‍ය :

🥔 කොන් පිටි 3 tbls
🥔 ගම්මිරිස් ¼  tsp
🥔 වතුර ½ cup
🥔 පාන් කුඩු
🥔 පොල් තෙල්

✅ සාදා ගන්නා ආකාරය :

  1. කොන් පිටි, ගම්මිරිස් එකතු  කර වතුර දමා දියාරු බැටර් එකක් හදාගන්න. 
  2. දැන් හදාගත් නගට්ස් බැටර් එකේ පොගවා පාන් කුඩුවල දවටා රන්වන් පාට වෙන තෙක් ගැඔුරු තෙලේ බැදගන්න.
මේ Potato Nuggets හදලා බලලා අපිටත් රස කියන්න.තවත් රස පදමට හදන Recipe අරගෙන මම ආයිත් එන්නම්.සියලු දෙනාට සුභ දවසක්...රස පදම
පොටෙටෝ නගට්ස් 🥔🥔🥔 (Potato Nuggets) - Your Choice Way
👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇

0 comments:

Post a Comment