පපඩම් හදන හැටි 🟠🟠🟠 (‍Papadam Hadana Hati)

පපඩම් හදන හැටි 🟠🟠🟠 (‍Papadam Hadana Hati) - Your Choice Way
 ඔයලා දන්නවා අද වෙළද පොලේ තියෙන පපඩම් වල ප්‍රමිතිය මොනවගේද කියලා අපිට හොයා ගන්න බැ. ඒ නිසා සෞඛ්‍යාරක්ෂිතව ගෙදරදීම ඉතා පහසුවෙන් පපඩම් හදමු.

✅ අවශ්‍ය ද්‍රව්‍ය :

  • 🟠 උදු පිටි ½ cup
  • 🟠 වතුර 7 tsp
  • 🟠 බේකින් සෝඩා ½ tsp
  • 🟠 තෙල් 1 tsp
  • 🟠 ලුණු ¼ tsp
  • 🟠 පාන් පිටි ස්වල්පයක්

✅ සාදා ගන්නා ආකාරය :

  1. උදු පිටි, බේකින් සෝඩා, තෙල්, ලුණු භාජනයකට දමා කලවම් කර එයට තේ හැන්ද හැන්ද දමා ඩෝ එක අනාගන්න.
  2. ඉන්පසු හදාගත් ඩෝ එකට රෝලින් පින් එකෙන් ගහන්න. ටික වේලාවක් හොදින් ගහන්න. අතිනුත් තද කරමින් හොදින් මෘදු වන තුරු (knead) කරගන්න.
  3. ඉන්පසු සමාන කොටස්වලට කඩා බෝල හදාගන්න.
  4. එම බෝල ලෑල්ල මත පාන්පිටි ඉස එක බෝලයක් තබා රෝලින් පින් එකෙන් හොදින් තුනි කරගන්න. (ඇලිම වලක්වාගන්න පාන් පිටි තවරා ගන්න)
  5. හොදින් තුනි කර හදාගත් පපඩම් අව්වේ වේලගන්න.
  6. වේලගත් පපඩම් ගැඔුරු තෙලේ බැදගන්න. මෙම වේලාගත් පපඩම් හුළං නොවදින භාජනයකට දමා කල්තබාගන්න.

මේ පපඩම් හදලා බලලා අපිටත් රස කියන්න.තවත් රස පදමට හදන Recipe අරගෙන මම ආයිත් එන්නම්.සියලු දෙනාට සුභ දවසක්...
පපඩම් හදන හැටි 🟠🟠🟠 (‍Papadam Hadana Hati) - Your Choice Way
👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇

0 comments:

Post a Comment