Nuga Sewanak Se Song Lyrics - නුග සෙවණක් සේ ගීතයේ පද පෙළ

Nuga Sewanak Se Song Lyrics - නුග සෙවණක් සේ ගීතයේ පද පෙළ
Song Title : Nuga Sewanak Se (නුග සෙවණක් සේ)
ගායනය : සෝමතිලක ජයමහ
සංගීතය : සෝමතිලක ජයමහ
ගී පද : සුනිල් ආරියරත්න


නුග සෙවණක් සේ ඔබට
සෙවණ සදන්නම් ළඳුනි
මද පවනක් සේ ඔබට
සිසිල සදන්නම් ළඳුනි...//

ගංගාවකි මා සුනිමල්
පවසට ඉන් පැන් ලබන්න...//
මල් සුවඳකි මා වනකල්
ඒ සුවඳින් සුවඳ වන්න

නුග සෙවණක් සේ...//

සද පහනකි මා නිකැලැල්
අඳුරට ඉන් එලිය ගන්න...//
ඔරුවක් වෙමි මම සැමකල්
දිවි සයුරෙන් එතෙර වන්න

නුග සෙවනක් සේ...//

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇

0 comments:

Post a Comment